විනීතා එම් ගමගේ
උතුරේ හා නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස 50,000 ක් ඉදිකර දීමේ වැඩ පිළිවෙලේ මුල් කොටස වශයෙන් නිවාස 15000 ක් ඉදිකිරීම ආරම්භ කළ බව නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරේ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ප‍්‍රකාශ කළේය.
මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද මෙම නිවාස ඉදිකිරීම් සඳහා තම අමාත්‍යංශය ඍජුවම මැදිහත් වන බවද අභ්‍යන්තර අවතැන්වූවන් හා තමිල්නාඩුවේ අනාථ කඳවුරුවලට ගිය පිරිස් සඳහා ප‍්‍රමුඛත්වය දෙන බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම සම්පූර්ණයෙන්ම විනාශ වූ අයටත් අතුරුදන් වූවන් ගේ පවුල් වලට හා පුනරුත්ථාපනය කර සමාජ ගත කළ අයගේ පවුල්වලටත් , දරිද්‍රතාවයේ ගිලී සිටින අයටත් මෙහි දී ප‍්‍රමුඛත්වය දෙන බව කී අමාත්‍යවරයා දිසා ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ ලකුණු දිමේ ක‍්‍රමයක් මත මොවුන්ට ප‍්‍රමුඛතාව ලබා දෙන බවත් පැවසීය.
නිවාස 15000 සඳහා මේ වනවිටත් මුදල් ලැබී ඇතැයි ද එයින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ද පැවසු දේවනන්දා මහතා උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ පාරවල් ඉදිකිරීම ද මීට සමාන්තරව ආරම්භ කරන බව කීය. යුද්ධය නිසා කැඩී බිඳී ගිය කෝවිල් ප‍්‍රතිසංස්කරණය කිරීමට ද විශේෂ අවධානයක් යොමු කරන බව ද මේ වනවිටත් ප‍්‍රමුඛතාව දිය යුතු කෝවිල් තෝරාගන්නා බව ද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යංශයේ අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාධ්‍ය හමුවට නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරේ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් සහ අමාත්‍යංශ ලේකම් බී සිවඥාණසෝති යන මහත්වරු ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලයුතු ප්‍රමුඛතම කාර්යයකි. සාර්ථකව අවසන් කළහැකි වේවා.
මහින්ද ඉන්න කාලේනේ මෙයාට ඒවා කරන්න හොඳම අවස්ථාව තිබ්බේ..දැන් මේ බොරු සෝබනයක් දානවා කියලා පැහැදිලිවම පේනවා...
අහස පොලව එකතු කරලා ගැට ගහල දෙනවා කියල පොරොන්දු උනේ නැද්ද?