කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආගමන විගමන පර්යන්තයේ හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී තිබේ.
එක්වතාවක් උදෑසන 7 ට පමණ විදුලි බිද වැටීම සිදු වී ඇති අතර යළි විටින් විට අවස්ථා තුනකදී විදුලි විසන්දී වීම් සිදු වී තිබේ.
විදුලි විසන්දි වීමත් සමගම ආගමන විගමන පරිගණක පද්ධතියටත් බිඳ වැටී ඇති බවද , මේ වන විට ගුවන්තොටුපොල අතවශ්‍ය කටයුතුවලට මුළුමනින්ම අඩාල වී ඇතැයි ද ගුවන්තොටුපොල නිලධාරීහු පවසති.
විදුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගුවන් තොටුපොල තාම තියෙන්නේ 1920 ගණන් වලද? මෙහෙමද ආසියාවේ ආශ්චර්යට යන්න හදන්නේ ?
2015 ජනවාරි ඡන්දෙන් පස්සේ ගුවන් තොටුපොළේ ගේට්ටු වහලා රටේ සම්පත් පිටරට යැවූ වංචාකාරයන් අල්ලා කූඩු කිරීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුවේ පළමු පියවරද මේක ?
සමහරවිට 2015 ජනවාරි 8 වහන්න බැරි වුනාට දැන් වහන්න යනවද?
අපේ ගුවන් තොටුපොල ජෙනරේටරයක්වත් නැති තැනක්ද? ලැජ්ජාවේ බෑ.
ජෙනරේටර් නැද්ද ?
අනිවාර්යෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවක් තෙල් සංස්ථාවේ අනිත් එක
විදුලිජනන යන්ත්‍ර නැතිද ? ගුවන් තොටුපලවල මේවා අනිවාර්යයි නේද.