මන්ත්‍රී රන්දීර් ඇතුළු පහකට ඇප පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ මීට මාස දෙකකට පමණ පෙර දිවුලපිටිය ප්‍රදේශයේ දී ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසුව ජිව අත්බෝම්බයක් සහ පිස්තෝල දෙකක් ළඟ තබා ගත් බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පස් දෙනෙකු මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ඇප මත මුදා හරින ලදී. 05 January 2018
අරලිය දන්සල ගැන ගුරු සංගමයෙන් පැමිණිල්ලක් විද්‍යා උපකරණ කට්ටලයක් ලබා දෙන බව දන්වමින් දිවයින පුරා II වර්ගයේ පාසල්වල විදුහල්පතිවරු අරලිය ගහ මන්දිරයට කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ප්රචාරක කටයුත්තක් කර ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් යවමින් කියා සිටියි. 05 January 2018
කල්ලාරු ඇතාගේ හිස හා සිරුරු කොටස් හමුවෙයි තත්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු සද්දන්ත ඇතාගේ හිස සහ සිරුරු කොටස් අද(5) උදෑසන සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා ප්‍රකාශ කළේය. 05 January 2018
ජාලිය වික්‍රමසූරිය අල්ලන්න විවෘත වරෙන්තු ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(5) විවෘත වරෙන්තු නිකුත් කළාය. 05 January 2018
ගවයකුගේ ගැටුණු යතුරුපැදිකරු මරුට කිලිනොච්චිය පරන්තන් - පුනරින් මාර්ගයේ සෙල්ලියාර්තිවු ප්‍රදේශයේදී යතුරු පැදියක් ගවයකුගේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පුනරින් පොලිසිය පවසයි. 05 January 2018
බන්ධනාගාරයට ගංජා බෙදු අයියා-මලෝ අත්අඩංගුවට වවුනියාව බන්ධනාගාරය වෙත මත්ද්‍රව්‍ය බෙදාහරින එකම පවුලේ සහෝදරයින් දෙදෙනක් කේරළ ගංජා ග්‍රෑම් 96ක් සමඟ වවුනියාව බන්ධනාගාරය ආසන්නයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 05 January 2018
පොලිසිය පහරදුන්නැයි පළාත් මන්ත්‍රී අශෝක රන්වල රෝහලේ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතාට සපුගස්කන්ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා කළ පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා පවසයි. 05 January 2018
කොස් මාමාගේ කොස් ගසුත් කපලා කොස් මාමා නමින් ප්‍රචලිත ආතර් වී දියෙස් මහතාගේ නමින් පානදුර නගරය මධ්‍යයේ ඉදි කෙරෙන නාගරික උද්‍යානයේ තිබූ කොස් ගස් දෙකක් රාත්‍රි කාලයේ ඩෝසර් යන්ත්‍ර යොදා ගලවා ඉවත්කර ඇති බවට පානදුර පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. 05 January 2018
අර්ජුන් මහේන්ද්‍රන්ට නඩු පවරන්න බැහැ - ජී.එල්.පීරිස් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථා කටයුතු සහ අධිකරණ හිටපු අමාත්‍යවරයෙකු වන ජී.එල් පීරිස් මහතා කියයි.ශ්‍රී ලංකා පොදුජන පොරමුණෙ සභාපතිවරයෙකු වන ජී.එල් පීරිස් මහතා මේ බව කියා සිටියේ පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 05 January 2018
ඩෝසර් කළ සුඩකුඩා දාගැබට නුදුරින් තවත් දාගැබ් දෙකක නටබුන් ඩෝසර් කරන ලද සාම්පූර් සුඩකුඩා දාගැබට නුදුරින් එම පොලිස් වසමේ තවත් ස්ථාන දෙක්ක පිහිටා ඇති පෞරාණික දාගැබ් දෙක්ක සොයා ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරී ටීගඑම්ගසීග බණ්ඩාර මහතා ප්රමුඛ ගවේෂණ කණ්ඩායමට හැකි වී තිබේ. 05 January 2018
යාල අභය භූමියට ඇතුළත් කරගන්නා ජිප් රථ සංඛ්‍යාව ඉහළට යාල අභයභූමියට දෛනිකව ඇතුල් කරන සෆාරි ජිප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජයේ එකඟතාව පළ වී තිබේ. 05 January 2018
සිරිපා අඩවියේ නොමනා ලෙස හැසිරුණු 25 ක් අත්අඩංගුවට මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමෙන් පසුව නීතිවිරෝධී හෙරොයින්,ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි හා බීමත්ව අශෝභන ලෙස හැසිරුණ මෙන්ම වන්දනාකරුවන් අපහසුවට පත්වන ලෙස ක්‍රියා කළ පුද්ගලයන් 25 කට ආසන්න ප්‍රමාණයක් 05 January 2018
සයිටම් වෙනුවට ආයතන දෙකක් සයිටම් ආයතනය අහෝසි කර එහි වත්කම් හා වගකීම් පැවරීමට එකකුත්, 2019 වසරේ සිට නවක සිසුන් බඳවා ගැනීම සඳහා තවත් එකකුත් වශයෙන් එකිනෙකට වෙන් වූ ආයතන දෙකක් ඇති කරන බව රජය කියයි. 04 January 2018
කුඩා පාසල් 3000 කට ජංගම විද්‍යාගාර විද්‍යාවෙන් පිරිපුන් නවෝත්පාදක රටක සියලුම දුවා දරුවන්ට විද්‍යාගාර පහසුකම් සහතික කිරීම උදෙසා කුඩා පාසල් 3000 කට ජංගම විද්‍යාගාර ලබාදීම පිළිබඳව විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (04) පැවැත්විය. 04 January 2018
රජය විනිවිදභාවයකින් කටයුතු කළා බැඳුම්කර නිකුතුව පිළිබඳව සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂමේදී රජය විනිවිදභාවයකින් කටයුතු කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. 04 January 2018
මුම්බායි නගරයේ තවත් ගොඩනැගිල්ලක් ගිනි ගනී ඉන්දියාවේ මුම්බායි නගරයේ මාරොල් ප්‍රදේශයේ තට්ටු නිවාසයක හටගත් ගින්නෙන් දරුවන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 04 January 2018
පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිලි 1174ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක් නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි. 04 January 2018
බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ඝාතනයට අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ් මාලිගාවත්ත අරලිය උයන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට කී‍්‍රඩාංගනයේ දමා ගොස් තිබූ බි්රතාන්ය ජාතිකයාගේ මළ සිරුර සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තී‍්‍රරෝද රථ රියැදුරු සහ ඔහුගේ මිත්‍රයකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (4) නියෝග කළේය. 04 January 2018
වවුනියාවේ බස් වර්ජනය අවසන් වවුනියාව නව බස්නැවතුම්පළේ කොටසක් වෙන් කොට ලංගම බස්රථ සඳහා ලබාදෙන බවට ජාතික ගමනාගමන මණ්ඩලය එකඟවීමෙන් පසුව දින හතරක කාලයක් පුරා පැවති උතුරු පළාත් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ වැඩවර්ජනය අද (4) අවසන් කෙරිණි. 04 January 2018
වකුගඩු රෝගීන් පිළිබඳ සංගණනයක් දිවයින පුරා සිටින වකුගඩු රෝගීන් පිළිබඳ සංගණනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 04 January 2018
ආරක්ෂක සරසවිය හා ශ්‍රී ලංකන් එක්ව පාඨමාලාවක් ශ්‍රිමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සමාගම එක්ව ගුවන් යානා නඩත්තු උපාධි පාඨමාලාවක් ඇරඹීමේ වු ගිවිසුමට අත්සන් තැබීම අද(4) සිදු කරනු ලැබීය. 04 January 2018
හරියට වැඩකරලා යුනිෆෝම් එක දාලා යන්න සූදානම් - කහවත්ත හිටපු ඕඅයිසි හරියට වැඩකරලා යුනිෆෝම් එක දාලා යන්න වුණොත් ඒ එස්පී තිලකරත්න මහතා ද මා සමග සිටින බව පැවසූ නිසා තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දුන් වැරදි උපදෙස් ක්‍රියාත්මක නොකළ බව කහවත්ත පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත්රී මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ අද(4) සාක්කි දෙමින් පැවසීය. 04 January 2018
මුරකරුවාම ගුරු නිවාසය කඩා පාසලේ බඩු සොරකම් කරයි හබරණ, මොරගස්වැව විද්‍යාලයේ නැටුම් කාමරය සහ ගුරු නිවාසයක් සොරුන් විසින් කඩා බිඳ එහි තිබූ වටිනා බඩුබාහිරාදිය පැහැර ගෙන ගොස් ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම අපරාධයට සම්බන්ධ පාසලේ මුරකරු සහ ඔහු සන්තකයේ තිබී සොරා ගන්නා ලද භාණ්ඩ තොගයක් ද සමඟ අද (04) හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 04 January 2018
සුඩකුඩා චෛත්‍යය යළි ගොඩනැගීමේ තැතක් සාම්පූර් හි ඩෝසර් කර විනාශ කරනු ලැබූ සුඩකුඩා චෛත්‍ය බිමේ කැණිම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා ලංකාදිපයට පැවැසීය. 04 January 2018
ලක්ෂ 14 ක බිඩී තොගයක් සමඟ දෙදෙනක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 14 වටිනා බීඩි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් දෙදෙනක් අද (4) වවුනියාව සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 January 2018
බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි සහ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි ඇතුළත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලීමක් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. 04 January 2018
දකුණේ යෞවන හා ක්‍රීඩා නව ඇමැති මනෝජ් සිරිසේන දකුණු පළාත් සභාවේ නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද(4) දිවුරුම් දුන්නේය. 04 January 2018
බස් නැවතුම බෙදා ගැටළුව විසදන්නැයි ඇමැති ඉල්ලයි වවුනියාව නව බස්නැවතුම්පලේ කොටසක් වෙන්කොට ලංගම බස් සඳහා ලබාදෙන ලෙසට උතුරු පළාත් ප්‍රධාන ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා ජාතික ගමනාගමන මණ්ඩලයෙන් අද (4) ලිඛිතව ඉල්ලා තිබේ. 04 January 2018
ජ‘පුර හෙද හෙදියෝ ඇඟිලි සලකුණු එපා කියති ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ අද(4) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ. 04 January 2018
බේකරි නිෂ්පාදන ලොරියකින් ලක්ෂ 6ක් පැහැරගෙන හොරණ සිට නාවලපිටිය හරහා ගිනිගත්හේන දක්වා බේකරි නිෂ්පාදන බෙදා හරින ලොරි රථයක් හරස් කර එහි තිබු රුපියල් 619600ක් පැහැරගෙන ඇති බව නාවලපිටිය පොලිසිය කියයි. 04 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026