ශනිල් නෙත්තිකුමාරට ඇප බැඳුම්කර කොමිසමේ දී හිටපු ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි සාක්කි දුන් අනිකා විජේසුරියගේ සොහොයුරාට මරණීය තර්ජන එල්ල කළැයි සිතාසි ලබා සිටි සැකකරු ශනිල් නෙත්තිකුමාර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය. 04 January 2018
ජපන් විදේශ ඇමැති අද ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 04 January 2018
‘ආණ්ඩුවේ ඉන්නේ ආශාවකින් නොවේ‘ - ඩිලාන් ‘‘අපිත් මේ ආණ්ඩුවේ ඉන්නේ මහා ලොකු ආශාවකින් නොවෙයි . මේක මැටි ආණ්ඩුවක් තමයි . අපි අපේ ආණ්ඩුවක් හදන කල් මැටියෙන් හරි බළළා මීයෝ අල්ලනවනම් අල්ලපුවාවේ‘‘ යැයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඊයේ(3) හාලිඇළ උඩගම පැවැති ජන හමුවකදී පැවසීය. 04 January 2018
බැඳුම්කර වංචාවෙන් රජයට අහිමි වූ මුදල කෝටි 1145 ක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අසම්මත හා සාවද්‍ය අන්දමින් බැඳුම්කර වෙන්දේසියට මැදිහත්වී, අභ්‍යන්තර තොරතුරු පිටතට දීමෙන් පර්පෙචුවල් ටේරෂරීස් සමාගම මාස පහක කාලයක් තුළදී මිලියන 11,145ක ලාභයක් ලබා ඇති බව බැඳුම්කර කොමිසම තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. 04 January 2018
ලොරියකට යටවූ ව්‍යාපාරිකයා මරුට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත දී ලොරි රථයකට යටවී ව්‍යාපාරිකයකු අද(4) පෙරවරුවේ මියගොස් ඇති බව දඹුල්ල පොලිසිය කියයි. 04 January 2018
උතුරේ බස් ගැටළුවට රිෂාඩ් උසාවි යන්න යයි පසුගිය දින තුනක් පුරාවට උතුරේ ධාවන කටයුතු වලින් ඉවත් වූ ලංගම බස් රථ ගැටලුව අද (04) දිනයේදී අධිකරණ මාර්ගයෙන් හෝ විසඳුමක් ලබා දී අද දිනයේ සිට බස් ධාවනය කරවන බවට කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුධීන් මහතා පැවසීය. 04 January 2018
හොරොයින් සමඟ සිව්දෙනක් පොලිස් දැලේ ප්‍රබල පාතාල සමාජකයකු වන අංගොඩ ලොක්කාට අයත් රුපියල් ලක්ෂ 25 ට ආසන්න වටිනා බ්‍රවුන් ෂුගර් වර්යේ හොරොයින් තොගයක් සමඟ ඔහුගේ ප්‍රධාන ගෝලයා ඇතුලූ සිව්දෙනක් නාරාහේන්පිට ප්‍රදේශයේ දී නාරාහේන්පිට පොලිසිය අත්අඩංගුවට ගත්බව පොලිස් මුලස්ථානය කියයි. 03 January 2018
බි්රතාන්ය ජාතිකයාගේ මරණයට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට මුහුණේ තුවාල සහිතව අභිරහස් ලෙස මාලිගාවත්ත අරලිය උයන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට කී‍්‍රඩාංගනයේ මියගොස් සිටි චාල්ස් ජීවින් (37) නැමැති බි්රතාන්ය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 03 January 2018
රවීට විරුද්ධව නඩු පැවරිය යුතුයි ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීමෙන් බැඳෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 03 January 2018
තහනම් වල් නාශක තොගයක් රන්න නගරයෙන් තහනම් වල් නාශකයක් වන ග්ලයිපෝසේට් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කදවුරේ නිලධාරින් අද (03) රන්න නගරයේ වෙළදසැලක තිබී අත්අඩංගුවට ගනු ලැබීය. 03 January 2018
16 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි පන්නල ජයගමදී පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ තරුණයකු මියගොස් සිටියදී ඔහුගේ සිරුරද සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. 03 January 2018
අස්වැන්න අඩු වුවහොත් පාඩුව රජයෙන් අයකරගන්නවා පොහොර හිඟය හේතුවෙන් මෙවර වී අස්වැන්න අඩු වුවහොත් එහි පාඩුව රජයෙන් අයකරගැනීමට කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (03) පැවසීය. 03 January 2018
මාගම්පුර වරායේ චීන ධජය එසවීම ගැන ගම්මන්පිල විමසයි මාගම්පුර වාරායේ චීන ජාතික ධජය එසවීමේ අරුත එම වරාය චීනයට පවරා දීමක් දැයි සැක ඇතිවන බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 03 January 2018
දිවුලපිටි හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ඔක්තෝම්බර් 2 වැනි දා දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවක් මිගමුව බන්ධනාගාරයේ මිය යාම සම්බන්ධයෙන් එවකට දිවුලපිටි පොලිසියේ සිටි හිටපු වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 January 2018
බදුල්ලේත් සකුරා මල් පිපෙයි ජපන් රටේ සහාය ඇතිව ලෝකයේ ක්‍රියාත්මක කරන දෙවන සකුරා රෝපණ ව්‍යාපෘතිය බදුල්ලේදී අද(3) ආරම්භ විය. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය, ජපානයේ MAIJO (මේජෝ) විශ්ව විද්‍යාලය, ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය හා බදුල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ක්‍රියත්මක කරන සකුරා රෝපණ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ඌව ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා විසින් ප්‍රථම සකුරා පැලය රෝපණය කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල භූමියේදි නිල වශයෙන් ආරම්භ කරන ලදී . 03 January 2018
වතුකම්කරුවන්ට පහරදී සපා කෑ කොටියා සොයා මෙහෙයුමක් හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ලඳු කැලෑවක සැරිසරන කොටියා අල්ලා ගැනීමට වනජිවි නිළධාරින් අදත් (3) විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 03 January 2018
සිලරතන හිමියන්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැලිකන්ද නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්මක් ගොනු කළහ. 03 January 2018
හෙරොයින් ජාවාරම්කරුට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 18.24ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිමට වැරදිකරුවූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(3) මරණ දඬුවම් නියම කළේය. 03 January 2018
වවුනියාවේ හර්තාලය අසාර්ථක වෙයි වව්නියාවේ වසා දැමු පැරණි බස් නැවතුම්පල නැවත විවෘත කරන ලෙස උතුරු මහඇමැතිගේ නියෝගයට විරෝධය පාමින් අද (3) වව්නියාව නගරයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හර්තාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවු වව්නියාවේ පැරණි බස් නැවතුම්පළේ වෙළඳසල් පමණක් වසා දමා තිබුණි. 03 January 2018
මන්නා පහර කෑ දෙන්නෙක් රෝහලේ කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමක් අතරතුරදී මන්නා පිහියකින් කැපීමෙන් බරපතල තුවාල ලැබූ කන්දකැටිය හා මාලියද්ද ප්‍රදේශවල තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 03 January 2018
පළමු ශ්‍රේණියට තේරී නැත්නම් අභියාචනා ගොනුකරන්නැයි ඉල්ලයි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී යම් කිසි අසාධාරණයක් සිදුව ඇත්නම් පළමුව අදාළ පාසලටත් පසුව අධ්‍යාපන අමාත්‍යංශයට හෝ අදාළ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පැමිණිලි වලට අදාළ අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. 03 January 2018
විනිසුරු වැටුප් වැඩිකිරීමට මංගලගේ විරෝධය නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේ ගත් තීරණය සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ(2) පැවැති කැබිනට් රැස්වීමේ දී විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි පවසයි. 03 January 2018
මුදල් පසුම්බියක් සොරා ගත් අයෙක් අත්අඩංගුවට වෙන්නප්පුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවට ගිය පුද්ගලයකුගේ මුදල් පසුම්බියක් සොරා ගත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 January 2018
අර්ජුනගේ යෝජනාවටත් බාල්දියක් ඛනිජතෙල් සංස්ථාවේ සේවක වැටුප් සියයට 35 කින් පමණ වැඩි කිරිමට ඇමැති අර්ජුන රණතුංග මහතා ගෙනා යෝජනාවකට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (2) පැවති කැබිනට් රැස්වීමේ දී විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 January 2018
ගොවීන්ට පොහොර නොමිලේ දෙන්නැයි ඉල්ලීමක් කන්න දෙකක් තිස්සේ වගාකිරීමට නොහැකි බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත. 03 January 2018
පොහොර හිඟයට ඇමතිවරු ඇවිස්සෙති - ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි කන්න තුනක් තිස්සේ වගා කිරීමට නොහැකි වූ බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමති අනුර යාපා මහතා කැබිනට් රුස්වීමේදී ඉල්ලීමක් කර ඇත. 03 January 2018
ඇල්ලේ නිවසක මළ සිරුරක් ඇල්ල බල්ලකැටුව ප්‍රදේශයේ නිවසක තිබූ වයෝවෘද්ධ කාන්තා මළ සිරුරක් ඇල්ල පොලීසිය සොයා ගෙන ඇත. 03 January 2018
දේශපාලකයෙක් පොලිසියකට කඩා වැදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රජයේ දේශපාලනඥයකු ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියකට ගොස් පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 02 January 2018
අලියා මැරූ වරදට විත්තිකරුට ලක්ෂ 2 ක දඩයක් පොලොන්නරුව වැලිකන්ද සිංහපුර දිඹුලාන ප්‍රදේශයේ පිහිටි මහවැලි ඉඩමක් තුලදී විදුලිය සැර වද්දවා වන අලියකු මරණයට පත් කිරීමේ චෝදනාවකට අධිකරණයේදී වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 2 ක දඩයක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (02) නියෝග කළාය. 02 January 2018
රතන හිමියොත් වනාතමුල්ලේ කුණු ඉවත් කරති නව වසරින් අලූත් ජීවන ක්‍රමයකට මුල පුරන ලොවම සුවපත් වන දින සත වැඩසටහනේ දෙවන දිනය වූ අද (02) නිකසළ දිනයක් යන තේමාවෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනනක් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ වනාතමුල්ල ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිදුකෙරිණ. 02 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026