ඡන්ද අල්ලස් ලෙස හරක් පැටවුනුත් බෙදලා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද අල්ලස් ලෙස මරණයට කැප වු හරක් පැටවුන්, කුකුළන් සහ විවිධ භාණ්ඩ ජනතාවට ලබා දුන් සිදුවීම් 93 මැතිවරණ සමය ආරම්භ වීමත් සමග වාර්ථා වු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 02 January 2018
මහලු මවක් මහමග දමා ගිහින් වයස අවුරුදු 70ක් පමණ වයසැති කාන්තාවක් ඊයේ(1) මධ්‍යම රාත්රියේදී හේනේගම ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයට මෝටර් රියකින් ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය පවසයි. 02 January 2018
නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ලොරි රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි හතලිස් පන් ලක්ෂයක් පැහැරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි. 02 January 2018
පොහෝ දිනයේ කුකුළු මස් කොළපාට වෙලා දුරුතු පොහෝ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ආපනශාලාවක දහවල් ආහාර වේල සඳහා පිළියෙල කළ තිබූ කෑම පැකැට්ටුවල ඇති කුකුල් මස් කොළ පැහැති වර්ණ ගැන්වීම නිසා ආහාරය ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇත. 02 January 2018
සුරාබදු සහකාර කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගහයි මාකඳුර - කෝරළයවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයඹ පළාත් පළමුවන සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02) උදෑසන 1 ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පන්නල පොලිසිය පවසයි. 02 January 2018
බරපතල වංචා සිද්ධි 17ක ගොනු ජනපතිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හෙට (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය. 01 January 2018
බැඳුම්කර වැරදිකරුවන්ට ගැලවීමක් නෑ - එස්බී බැඳුම්කර වාර්තාවෙන් වරදකරුවන් වූවන් ඉන් ගැලවීම සඳහා විවිධ උපක්රමවල නිරත වන බවත් ඒ කිසිවකුටත් ඉන් ගැලවීමට ඉඩක් නොලැබෙන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කදුරට උරුමය පිළිබ`ද අමාත්‍ය එස් බී දිසානායක මහතා අද(01) පැවසීය. 01 January 2018
ශ්‍රීලනිපයට නව න්‍යායපත්‍රයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව නව න්‍යාය පත්‍රයක් සකස් කරන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඞී ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට අද පැවසීය. 01 January 2018
කොස්ටා රිකා ගුවන් අනතුරෙන් 12ක් මරුට කොස්ටා රිකා රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙසකට ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ ගමන්ගත් 12දෙනාම මිය ගොස් ඇතැයි වාර්තා වේ. 01 January 2018
පල්ලියේ පොකුණක දියනෑමට ගිය දෙදෙනෙක් මරුට ගාල්ල මකුළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පොකුණක දිය නෑමට ගිය 17 වියැති පිරිමි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 01 January 2018
න්‍යෂ්ඨික යුද්ධයේ බොත්තම මගේ අතේ න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ බවත් ඒ නිසා ඇමරිකාවට කිසිම විටක යුද්ධය ආරම්භ කිරිමට නොහැකි වනු ඇති බවත් උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කර සිටියි. 01 January 2018
පොදුජන පෙරමුණේ ශබ්ද විකාශන යන්ත්‍රයක් අත්අඩංගුවට මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01) දින විවෘත කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ ක්‍රියාත්මක කරමින් තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය තංගල්ල පොලීසියේ නිළධාරීන් කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 01 January 2018
මත්වෙන පරාටා - ඉඳිආප්ප කන්න දී රන්බඩු සොරාගනී දෙල්තොට ප්‍රෙද්ශයේ නිවසක කුලියට නවතින්න ආ පුද්ගලයෙකු විසින් රැගෙන ආ පරාටා ඉදිආප්ප සහ රස කැවිලි කෑමෙන් පසු නිවැසියන් මත් වී ඇති අතර ඒ අතරතුර අමුත්තා නිවසේ තිබූ රන් ආභරණ රැගෙන පලා ගොස් ඇත. 01 January 2018
වල්ලපට්ටා රට පන්නන්න හැදු ලාංකිකයෙක් අල්ලයි නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් මස්කට් බලා රැගෙන යෑමට තැත් කළ 31 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 01 January 2018
ලක්ෂ 65 ක රත්තරන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා රත්තරන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයක් අද (1) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. 01 January 2018
ගෙවීගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 52 ක් මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය ගෙවීගිය 2017 වසරේ දී රෝගීන් 52 දෙනෙකුට වකුගඩු බද්ධ කර ඇත. 01 January 2018
මැණික් පතලකින් අත්බෝම්බ මල්ලක් රත්නපුර කැටලියන්පල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත මැණික් පතලක දෝනාවකින් ගොඩගත් ඉල්ලම් තොගයක තිබී අත් බෝම්බ සහිත මල්ලක් සොයා ගත් බව රත්නපුර පොලීසිය කියයි. 01 January 2018
ගුවන් යානයක් ගඟට වැටී 6 ක් මරුට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරින් කොවාන් ප්‍රදේශයේ ගංගාවකට සී ප්ලේන් වර්ගයේ යානයක් කඩා වැටීමෙන් හය දෙනක් මියගොසේ ඇතැයි වාර්තා වේ. 01 January 2018
බැඳුම්කරේ වාර්තාව හමස් පෙට්ටියට යවන්න එපා - අනුර කුමාර බැඳුම්කර කොමිසමේ වාර්තාවත් සුපුරුදු පරිදි හමස් පෙට්ටියට නොයවා දුෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනීම කඩිනම් කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (1) පැවසීය. 01 January 2018
ජනපති දළඳා වඳියි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (1) මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් උදාවූ නව වසරට ආශිර්වාද ලබාගත්තේය. 01 January 2018
බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 01 January 2018
ගිනි අවියක් සමඟ අයෙක් වීරවිලෙන් අල්ලයි තිස්සමහාරමයේ වීරවිල ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට ගිය පොලිස් නිළධාරින් කණ්ඩායමකට විරවිල කරඹාදිය ප්‍රදේශයේ දී මෙරට සාදන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුට ගැනීමට හැකි වූ බව මාතර තංගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 01 January 2018
මීතොටමුල්ල කසල කන්දේ කොටසක ගින්නක් මීතොටමුල්ල කසල කන්දේ කොටසක මීට පැයකට පමණ පෙර හදිසි ගින්නක් හට ගෙන ඇත. 01 January 2018
හඳ අද පොළොවට ළංවෙයි දුරුතු පොහොය යෙදෙන අද (1) වෙනත් පොහෝ දිනට වඩා චන්ද්‍රයා විශාලත්වයකින් දැකිය හැකි දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. 01 January 2018
වවුනියාවේ බස් සේවකයෝ වැඩ වරති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වව්නියාව බස් නැවතුම්පල වසා දැමීමත් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ අද (1) බස්රථ ධාවනයෙන් ඉවත්වී වැඩවර්ජනයක නිරත වෙති. 01 January 2018
ගාල්ලේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට ගාල්ල අකුරැස්ස මාර්ගයේ පිලාන උලුකඩේ හන්දියේදී අද (1) යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මියගොස් තවත් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 01 January 2018
නව වසර උදාවත් සමඟ අනතුරු වලින් 512 ක් රෝහලට 2018 නව වසර උදාවත් සමඟ විවිධ අනතුරු වලට ලක් වු පුද්ගලයින් 512 දෙනක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහල කියයි. 01 January 2018
වාලම්පුරියක් කෝටි 4 කට අළෙවි කරන්න ගිය 4 ක් අත්අඩංගුවේ රුපියල් කෝටි 4 ක මුදලකට මාබෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබු ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙක් සමඟ සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත්බව වත්තල පොලිසිය කියයි. 01 January 2018
ජපන් භාෂා කථික තරගයෙන් ශ්‍රී ලංකාවේ මාධවීට ජය ජපානයේ ටෝකියෝ නුවර නිහෝන්සායි ඩයිහකු විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ජපන් භාෂා ජාත්‍යන්තර කථික තරඟාවලියේදි එරට අධ්‍යාපනය ලබන ලාංකික තරුණියක් එහි පළමු ස්ථානය දිනාගෙන තිබේ. 01 January 2018
ඒ-9 මාර්ගයේ ලොරි අනතුරකින් සිව් දෙනෙක්ට තුවාල යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව භූ ඔය අසලදී අද (1) අලුයම ලොරි රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා වව්නියාව මහ රෝහලට ඇතුළත් කල බව මැදවච්චිය පොලීසිය පවසයි. 01 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026