උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි මස 15වැනිදා තෙක් අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 28 December 2017
ලග්ගල රක්ෂිතයක කුඹුක් ජාවාරමක් ලග්ගල මඩු මාන ගල්ගේ දේවාල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති. 28 December 2017
ඌව විපක්ෂ නායකට විශ්වාසභංගයක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායක රා.මු.රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් අද(28) ඌව පළාත් සභාවට ඉදිරිපත් කෙරිණි. 28 December 2017
මැතිවරණ පැමිණිලි 42ක් පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කළ පසුගිය 9 වැනිදා සිට අද(28) පෙරවරු 6 දක්වා මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 28 December 2017
හෙරොයින් රැගෙනයමින් සිටි මව සහ පුතා අත්අඩංගුවට ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වැලිවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී නීති විරෝධීව ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 37 මිලිග්‍රෑම්815ක් සමග කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 28 December 2017
විමල්ගේ පක්ෂයේ නිමල් ජනපති සහායට ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් අද(28) ජනපති හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 28 December 2017
උඩුදුම්බර හිටපු ප්‍රා සභාපති ඇතුළු 4ක් අත්අඩංගුවට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත උල්ලංඝනය කරමින් උඩුදුම්බර මහනුවර ප්‍රධාන මාර්ගයේ පෝස්ටර් අලවමින් සිටි උඩුදුම්බර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇතුළු සිව්දෙනෙක් පෝස්ටර් 83 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 December 2017
සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක් මහා පරිමාණ සනීපාරක්ෂක බිම් පිරවුම් හතරක් උතුර, දකුණ හා උතුරු මැද පළාත්වල ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. 28 December 2017
ත්‍රී රෝද රථ සොරාට එසැණින් කර්මය පළදෙයි දුම්මලකොටුව ප්‍රදේශයේ තිබු සංගීත සංදර්ශනයක් නැරඹිමට ආ අයකුගේ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ත%sරෝද රථයක් සොරාගෙන යමින් සිටි අයකු දන්කොටුව කටානවත්ත මාර්ගයේදි ත්‍රී රෝද රිය පෙරළි ගොස් තුවාල ලබා සිටියදි සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 28 December 2017
මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතුගෙන් මරණ තර්ජන එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨසයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා සිය මවට හා මාමාට මරණ තර්ජනය කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 28 December 2017
ගායිකා ජින්ජර් රිය අනතුරකට ලක්වෙයි දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 28 December 2017
හෙරොයින් රැගෙන ආ ඉන්දීය ජාතිකයා කටුනායකදී කොටුවෙයි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ හෙරොයින් තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 28 December 2017
නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධූරය පියසේන ගමගේට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 28 December 2017
නිමල් ලංසා ඒකාබද්ධ විපක්ෂයට හිටපු නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව අද(28) පෙරවරුවේ මීගමුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. 28 December 2017
205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි 2017 උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පැවසීය. විභාග අක්‍රමිකතා සහ විවිධ වැරදි නිසා ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය 28 December 2017
පොදු විෂයධාරා පළමු ස්ථානය හිරුණිට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පොදු විෂයධාරා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදි. 28 December 2017
ජෛව තාක්ෂණවේදය පළමු ස්ථානය ලක්ෂිතට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්ෂණවේදය අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම විසින් දිනාගන්නා ලදි. 28 December 2017
ඉංජිනේරු තාක්ෂණවේදය පළමු ස්ථානය රන්සිරිනිට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඉංජිනේරු තාක්ෂණවේදය අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදි. 28 December 2017
කලා පළමු ස්ථානය පත්බේරියේ මුනින්දවංශ හිමිට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින් අත්කරගන්නා ලදි 28 December 2017
වාණිජ පළමු ස්ථානය දුලානි වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රන්තිකා ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදි. 28 December 2017
භෞතික විද්‍යා පළමු ස්ථානය ශ්‍රීධරන්ට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් ද්වාකරන් විසින් දිනාගන්නා ලදි. 28 December 2017
ජීව විද්‍යා පළමු ස්ථානය දිලිනි වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඩිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදි 28 December 2017
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කරන ලදි 28 December 2017
25000 දඩය පමා වීමත් සමඟ රිය අනතුරු ඉහළට රථ වාහන වැරදි පිලිබඳව නීති දැඩි කලයුතු බවට ඇතිවූ සමාජ මතය අනුව ඉදිරිපත්වූ නීති දැඩි කිරීම සහ දඩ මුදල් වැඩිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය අවශ්‍ය නිර්දේශ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකලද නීති කෙටුම්පත් සම්පාදනය කිරීමේ කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. 27 December 2017
ඇමරිකාව කතුර අතට ගනී ඉදිරි වසර දෙකක කාලය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන මූල්‍ය ආධාරවලින් එක්සත් ජනපදය ඩොලර් මිලියන 285ක මුදලක් අඩු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. 27 December 2017
ඡන්ද පෙළපාළිවලට සීමා පළාත් පාලන මැතිවරණයට අදාළව පෙළපාළි යා හැක්කේ අපේක්ෂකයා සමග ආධාරකරුවන් 10 දෙනකුට පමණක් බවත් එම ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් එය නීති විරෝධි පෙළපාළියක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා අද(27) පැවසීය. 27 December 2017
රිමාන්ඩ් භාරයේ සිටින පළාත් මන්ත්‍රීට සභාවට යන්න අවසර ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගු ජනවාරි 9වැනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මාසික රැස්වීමට සහභාගී කරවන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(27) මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය. 27 December 2017
ඔබාමා සමාජ මාධ්‍ය අවදානම පිලිබඳව අනතුරු අඟවයි වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බව බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසා තිබේ. 27 December 2017
රන්දිම ගමගේ ගේ දිවුරුම් දීම කල්යයි දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ මහතා පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස අද(27) දහවල් දිවුරුම් දීමට නියමිතව සිටියද මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් ඊට විරෝධය පළවීම හේතුවෙන් දිවුරුම් දීම කල්ගොස් ඇතැයි වාර්තා වේ. 27 December 2017
රංගේ බණ්ඩාරගෙන් අභියෝගයක් තමා විසින් විල්පත්තු රක්ෂිතයේ ගස් කපන ලද බව ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සමු ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 27 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026