(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව පත්ව ඇති අස්ථාවරභාවයට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළින් ඉක්මන් විසඳුමක් සොයාගනු ඇතැයි යන්න ඇමෙරිකාවේ අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ එරට වැඩ බලන තානාපති රොබට් හිල්ටන් මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන තානාපති රොබට් හිල්ටන් සහ ඇමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි යන මහත්වරුන් අද (29) පාර්ලිමේන්තුවට පැමිණ කතානායක කරු ජයසුරිය මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.
මෙහිදී ඇමෙරිකා නියෝජිත දෙපල සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ගත වු තත්වය පිළිබඳව තමන් විමතියට පත් වු බවත්, ඒ පිළිබඳව ඇමෙරිකා රජයේ දැඩි සැළකිල්ල යොමු වු බවත්ය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායක තුමා මහනායක හිමිවරුන් හමුවූ අවස්තාවේදී ලබන සිකුරාදාට කලින් පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් ඇතිබව පවසුවායැයි වාර්තා උනා. එහෙම උනොත් පාර්ලිමේන්තුවට අවස්තාවක් ලැබේවි දෙකෙන් එකක් තෝරා බේරා ගන්න. හැබැයි ඉතින් එදාට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාහැකි වාතාවරණයක් තිබුනොත් පමණයි. දැනට ලංකාවේ වාර්තා නොවෙන පිටින් දැනගන්නට ඇති තොරතුරු අනුව නම් එහෙම වෙයි කියල හිතන එකනම් අමාරුයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 126 දෙනෙකු අත්සන් කරන ලද ලියවිල්ලක් අද කථානායකතුමන්ට බාරදෙනු ලැබු බව රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා. එම ලියවිල්ල මගින් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථානුකූලව මෙම දේශපාලන අර්බුදය විසඳන ලෙසටයි. මේ පිළිබඳව වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ "ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස මා ඉල්ලා සිටින්නේ මෙම දේශපාලන අර්බුදයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට පැමිණ රටේ සාමය, ස්ථාවරභාවය හා ජනතාවගේ ස්වාධිපත්‍ය ආරක්ෂා කර දෙන ලෙසටයි. මා බලාපොරොත්තු වනුයේ කථානායකතුමා විසින් එතුමන්ගේ බලතල භාවිතා කොට හෙට හෝ අනිද්දා දින පාර්ලිමේන්තුව කැඳ වාවී කියයි" යනුවෙනි.
විමතිය නොව පිස්සු හැදෙනවා. ලෝකයේ ප්‍රථම රට අගමැතිවරු 2 ක් උදේට එක අගමැති කෙනෙක් රැට එක්කෙනෙක්... ශිප්ට්වලට නම් තව කෙනෙක් ඕනෑ... එතකොට 3යි නියමයි.
ආරංචියේ හැටියට හමුදාව සහ පොලිසිය දාලා පාර්ලිමේන්තුව අවහිර කිරීමේ සැලැස්මක් තියෙන බව ආරංචියි. ඒකත් දැනගෙන වැඩ කළා නම් තමයි හොඳ.
ලාංකිකයින් හැටියට අපිට ලැජ්ජයි කියන්න. අපේ රට හදන අයගේ උගත්කම, හැසිරීම ගැන... මහත්මා ගුණයක් කොහේ තියෙනවද? බල පෙරේතකම... මොකද තමන්ගේ බූදලයෙන් නෙමේ.. සමාජ සේවය කරලා තියෙන්නේ... මහජනතාව හූරා කාලා. බැලින්නම් ජනතාවගේ මුදල් හූරා කාලා ඔවුන්ගේ වත්කම් හිතුමතේ වැඩිකරගෙන දැන් ඒවායින් ගැලවෙන්න ත්‍රස්තවාදී කුමන්ත්‍රණ දියත් කරනවා. අවසානයේ තවත් බැටකන්නේ හොරුන්ගේ ජොලි බදු ගෙවන ජනතාව. යන්න එන්න වාහනයක්වත් තිබිච්ච නැති අයට අද පිටරටවල දේපල. හැමදාම ඉල්ලා සිටින්නේ හෙන හතම ගහන්න ඕන කියලයි.
විමතියටවත් කණගාටූවටවත් පත් වෙන්න අවශය නැහැ මේක ලෝකයෙන්ම උතුම් රටනේ. මෙහේ වැඩ වෙන්නේ මෙහෙම තමයි.
අනවශ්‍ය බාහිර රටවල මැදිහත් වීම වහාම නැවැත්වීම හොඳයි. මොවුන් අපේ ගැලවුම්කාරයෝ නොවෙයි.
මෙයාලාගේ මැදිහත්වීම වහාම නවත්වන්න ඕනේ. මෙයාලා කියනදේ ඇහුවනම් යුද්දේ තාම තියෙනවා.. ප්රභාකරන් දකුණේ බෝම්බ පුපුරවනවා..
මොවුන් එන්නේ අපිට තියන ආදරේට වෙන්න ඇති. අනේ පුළුවන්නම් තව අවුලයි. මුන්ට දුක වෙන මොනවටවත් නෙමෙයි තමන්ට නටවන්න පුළුවන් රනිල්ව නැති වෙච්ච එකට. සෞදිය පණපිටින් මිනිස්සු මරල බෑග්වල දාල යනවා ඒවට කථා නෑ. මේ අය එනවා අපේ රටටම හොට දාන්න.