බංගලාදේශයේ හිටපු අගමැතිනී බේගම් ඛලීඩා සියාට සත් වසරක සිරදඬුවමක් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ.
ඒ පුණ්‍ය අරමුදලකින් ඩකා මිලියන 31.5 ක මුදලක් අවභාවිතා කිරිම හා බලය අයුතු ලෙස භාවිතා කිරිමට එරෙහිව ඇයට චෝදනා එල්ල වී ඇත.
බංගලාදේශයේ ජාතික පක්ෂයේ නායිකාව වන 73 හැවිරිදි ඛලීඩා සියා වත්මන් අගමැතිනිය වන ෂික් හසීනාගේ ප්‍රතිවාදිනිය වේ.
සිය දුෂණ චෝදනාවන්ට ඛලීඩා දැනටමත් වසර පහක සිට සිරදඬුවම් විදින අතර අද (29) ප්‍රකාශයට පත් කළ දඬුවම් සමඟ වසර 12 ක් දක්වා සිරදඬුවම් කාලය ඉහළ යනු ඇත.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට බැරි වුණානේ බංග්ලාදේශයේ අගමැතිනි, ෂික් හසිනාගෙන්වත් උපදෙස් ගන්න. මහින්දත් එක්ක ඩීල් දාන්න ගිහින් අන්තිමේදී එයාට ගෙදර යන්න වෙනකන් දන්නේ නෑ...
අපේ අගමැති කොහාටද?
ළඟදී අපේ රටෙත් මේවගේ දෙයක් සිදු වෙන්නට ඉඩ තියෙන බවයි පෙනෙන්නේ. ඉන්න තැන වතුර සහ විදුලිය විසන්ධි කරලාලු නේද? මෙහෙම කලොත් වාසිය ඒ පැත්තටයි.
අනේ අපේ රටේ කියන්නේ... එයා කාන්තාවක්... හිටපු මහින්දගේ බිරිඳ අත්අඩංගුවට ගන්න. ලැජ්ජයිලු නමුත්. ඊට වැඩිය ලැජ්ජා නැති වැඩක් කෙරුවා. දුගී කාන්තාවට අඹ හොරකම් කෙරුවා කියලා හිරේ... දැම්මා. ඔන්න බුදුන්ගේ මේ රටේ නඩු අහන විදිය...
දෙපැත්තේම ඉන්නේ හොරු... මේ අය පාර්ලිමේන්තු යන්නේ රට හදන්න නෙවෙයි.. ඒ අය හැදෙන්න.