(තරිදු ජයවර්ධන සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව කැඳවා බහුතරය පෙන්වන්න කියා නිත්‍යනුකූල නොවන ඇගමැතිට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අද (29) පැවසීය.
අරලියගහ මන්දිරයේදී නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු නවීන් දිසානායක මහතා
‘මම මේක වෙද්දි ප්‍රංශයේ හිටියේ. මේ කළ ප්‍රජාතන්ත්‍රවාදී වැඩේට විරුද්ධයි කියා අපේ මන්ත්‍රීන් කිව්වා. 19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියන කෙනයි අගමැති. නීත්‍යනුකුල නොවන අගමැතිට අභියෝග කරනවා බහුතරය පෙන්වන්න කියලා. 1990 දෝෂාභියෝගය ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒ අවස්ථාවේත් අපි කිව්වා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා.
අපි ජනාධිපතිවරයා පත් කළේ යහපාලනය ගේන්නයි. මෙය යහපාලනයට විරුද්ධයි.ඇමැති මණ්ඩලේ අද පත් කරනවා හෙට පත් කරනවා කියනවා. ඒකත් අවුල් වගේ.
අපි මීට වඩා සංවේදී වියයුතුයි. රටේ ජනාධිපතිට වගකීමක් තියෙනවා හැම පැත්තම බලලා තීරණ ගන්න. ඔහුගේ කතාව මම බැලුවා. ඒවා ලාමක කතා. කැබ්නට් මණ්ඩලේ තීරණ ගනිද්දි ඔහුත් හිටියා. සමූහික වගකීම යටතේ ඔහුත් වගකියන්න ඕනා එහෙම මොනවත් වුනා නම්.
ජනාධිපතිගේ කතාවේ හරයක් නෑ.
කවුද බලයේ ඉන්න එකට වඩා එතනට ආවේ කොහොමද කියන එකයි වැදගත්. මහින්දගේ මොන වරද තිබ්බත් ඔහුට දේශපාලන ඉවත් තිබ්බා. මේ විදියට එකතු වීම තුලින් ඔහුත් දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරලා තිබ්බා..
ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවීමට විශාල බලපෑමක් දේශීය හා විදේශීය වශයෙන් එල්ල වෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ තමුන්නාන්සෙලා. ඉතින් ඇයි එය කැඳවන්නේ නැත්තේ? රටේ මොහම තත්ත්වයක් ඇති වෙලාම නෑ.
මේ යන ක්‍රමය හොද නෑ. මෙතනට හමුදාව දායිද දන්නෙත් නෑ. ඕනම දේකට මුහුණ දෙන්න සූදානමින් ඉම්මු. ශ්‍රීලනිප කිහිප දෙනෙකුත් මේ සිදුවීම ගැන කළකිරීමෙන් ඉන්න බව ආරංචියි.මගේ ආරක්ෂාවත් අඩු කරලා. ඒකට ප්‍රශ්නයක් නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කීවත් ජනාධිපති කිව්වා වගේ මතකයි. කැබිනට් මණ්ඩලය කියන්නේ සාමූහික වගකීමක් දැරිය යුතු තැනක් කියලා. ඇඟිල්ල දික් කරනකොට ඒ ඇඟිල්ල තමාටත් දික්වෙන බවනම් මතක තබාගත යුතුය.
19 හැදුවේ රනිල් බලේ ඉන්න. නැතිව රට හදන්න නෙවෙයි.19 වැනි සංශෝධනයම වැරදියි. ඒක හරියට මහින්ද 18 වැනි සංශෝධනය කළා වගේ. ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවට මුක්කු තියපු හැම වෙලාවකම රටේ නායකයින් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් කළ දේවල් වුණා. රනිල් කියන්නේ උපාසකයෙක් නෙවෙයි. අධික බලලෝභියෙක්.. බලය ලැබුණාට කරන්න දන්නේ නැති කෙනෙක්. රනිල් දැනගන්න ඕනේ ඔහු 2015 වේ අගමැති වුනේ අාසන 42ක ඇති සුළුතර පක්ෂයක නායකයෙක් විදිහට. රටේ ජනාධිපතිට අගමැති පාලනයක් තිබිය යුතුයි..!
දැන් සිද්ධවෙන දේවල් බලන කොට කිසිම කෙනෙක් විශ්වාස නැහැ.