එක්ස්කැවේටර් ක්‍රියාකරු විදුලිසර වැදී මරුට සංවර්ධන කටයුත්තක යෙදී සිටි එක්ස්කවෙට්ර් යන්ත්‍ර ක්‍රියා කරුවෙකු අද (27) විදුලි සැර වැදී මියගොස් ඇත. 27 December 2017
ඉන්දීය ධීවරයින් 20ක් නිදහස් කෙරේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 20දෙනකු යළි එරටට භාර දීම අද(27) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි. 27 December 2017
පොහොට්ටුවත් අතත් එක්වෙන්න යයි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් හා එක්වීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන්ම එක්වන්නේ 27 December 2017
2017 දී කෝටි 13 හොරොයින් තොගයක් අත්අඩංගුවට - ඇමැති සාගල 2017 වසරේ මේ දක්වා සිදුකළ හෙරොයින් වැටලීම් වලින් රුපියල් කෝටි 13 ට ආසන්න වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 27 December 2017
මුල්‍ය අර්බුදය ගැන කතාකරන්න පාර්ලිමේන්තුව කැඳවන්නැයි දිනේෂ් ඉල්ලයි රටේ මූල්‍ය අර්බුදය උග්‍රව පවතින බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 27 December 2017
අපේක්ෂකයන්ගේ නිවස්වලට පහර දුන් 13 ක් රිමාන්ඩ් අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශයේදී කල්මුනේ මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයින්ගේ නිවස් දෙකකට පහර දුන් සැකකරුවන් 13 දෙනෙක් කල්මුනේ මහේස්ත්‍රාත් පයාස් රසාක් මහතාට ඉදිරිපත් කිරිමෙන් පසු 28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළේය. 27 December 2017
ව්‍යාපාරිකයා පැහැරගෙන කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට යුකේ‍්‍රනයේ සිට ඥාතීන් බැලීම සඳහා වවුනියාව වෙත පැමිණි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 15 කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයින් තිදෙනක් අද (27) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 27 December 2017
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ විසඳන්න ජනපතිගෙන් කමිටුවක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළේය. 27 December 2017
මඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි රක්ෂිත කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් අද (27) අළුයම මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වටලා ඇත. 27 December 2017
දෙනියායේ හමුදා සෙබළෙකු ඝාතනය කරයි සංගීත සංදර්ශනයක් බලා නිවසට යමින් සිටි හමුදා සෙබළකුට අද (27) දෙනියාය,පල්ලෙගම,ගංගොඩ ප්‍රදේශයේ දී පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි දෙනියාය පොලීසිය කියයි. 27 December 2017
බදුල්ලේ බස් රියදුරු කපා කොටා පුද්ගලයෙක් පලා යයි බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී අද (27) අලුයම ශ්‍රී ලංගම මොනරාගල ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් රථ රියදුරෙක්ව බස් රථය තුළ දී පුද්ගලයෙක් කපා කොටා පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 27 December 2017
හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට අඹුසැමි යුවලක් සන්තකයේ තිබී හෙරෝයින් 600ක් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි 27 December 2017
තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනම කියන්නේ නෑ මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්‍රකාශ නොකරන බව මැතිවරණ කොමිසම පවසයි. 27 December 2017
ඡන්දෙට විදේශීය නිරීක්ෂකයන් නෑ පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයකු සහභාගී කර නොගන්නා බව මැතිවරණ කොමාසසේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පැවසීය. 27 December 2017
පෙර අමනාපයට අයියා මලෝ ඇසිඩ් ගහලා සහෝදරයින් දෙදෙනෙක් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් තුවාල ලබා එක් අයකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව කොස්වත්ත පොලීසිය කියයි. 27 December 2017
මීරිගම සිසුවකු අතුරුදහන් මීරිගම නගරයේ පැවැති පෙරහරක් බැලීමට පසුගිය 24 වෙනිදා ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මීරිගම පොලිසිය කියයි. 26 December 2017
මහේස්ත්‍රාත්ට තර්ජනය කරයි තිදෙනක් රිමාන්ඩ් හැටන් මහේස්ත්‍රාත් සර්වන රාජා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු ලබන ජනවාරි 03 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර බංඩාර මහතා අද (26) නියෝග කළේය. 26 December 2017
මත් පෙති සිද්ධියකට ආරච්චි වරයකු රිමාන්ඩ් රුපියල් දෙකෝටි විසි හය ලක්ෂයක් පමණ වටිනා මත් පෙති 7564 ක් සන්තකයේ තබාගැනීම සහ ඊට ආධාර අනුබල දුන් බව කියන කොළඹ දිසා අධිකරණයේ ආරච්චි වරයකු සහ ඔහුගේ ඥාති සොහොයුරා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (26) නියෝග කළේය. 26 December 2017
සෞදියේ දි මිය ගිය කාන්තාවගේ මෘත දේහය ලංකාවට සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසයක පමණ කාලයක් ගත වී ඇති බවත් මවගේ මෘත දේහය මෙරටට ගෙන්වා දෙන්නැයි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙකු මාධ්‍ය මගින් ඉල්ලීමක් කළේය. 26 December 2017
තැපෑලෙන් හෙට රටපුරා විරෝධතා තැපැල් දෙපාර්තමේන්තුවේ බදවාගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදී ලබා දුන් පොරොන්දු දිගින් දිගටම කඩ කිරීම නිසා හෙට (27) දිවයින පුරා ප්‍රධාන නගරවල විරෝධතා පවත්වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු කේ.ආර්.වර්ණකුලසුරිය මහතා පැවසීය. 26 December 2017
මැතිවරණ ලොක්කා පක්ෂ ලේකම්වරු කැඳවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෙට (27) සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු කොමිසමේ කාර්යාලයට කැඳවා ඇත. 26 December 2017
කිතුල්උතුව වැසියෝ ත්‍රිමලය - කොළඹ පාර අවහිර කරති තම ජිවිතවලට සහ ගම්මානයට වල් අලින්ගෙන් සිදුවන හානි වහාම නවත්වන ලෙස ඉල්ලා ති‍්‍රකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ගම්මානයේ ජනතාව අද(26) මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වුහ. 26 December 2017
එජාපයෙන් තුනක් ශ්‍රීලනිපයට එක්වෙති කැළණිය ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් අද(26) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 26 December 2017
රිෂාඩ් බදුර්දීන් ඇමැතිකමින් ඉවත් කළ යුතුයි - ඥානසාර හිමි විල්පත්තු වන සංහාරය ගැන විගණකාධිපති ප්රමුඛ කමිටු වාර්තාවට අනුව පරීක්ෂණ වලට ඉඩදී රිසාඞ් බදියුදීන් මහතා ඇමතිකමෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහුව කණෙන් ඇදලා එළියට දැමිය යුතු යැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. 26 December 2017
චීන ජාතිකයෝ තිදෙනෙක් අවුකනදී තාවකාලික පැවිද්ද ලබති චීන ජාතික මහාචාර්යවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී තාවකාලික පැවිදි භාවය ලබා ගැනීම අද(26) බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 26 December 2017
වව්නියාව බස් සේවකයෝ අදත් ඇවිලෙති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නියමයට අනුව පෞද්ගලික බස් හා ලංගම බස් ධාවනය නව බස් නැවතුම්පළේ සිට ක්‍රියාත්මක කරන ලෙසට දුන් දැනුම්දීමට අනුව පෞද්ගලික බස් නව බස් නැවතුම්පොළට ගියද ලංගම බස් රථ එහි නොයෑම හේතුවෙන් අද (26) දෙපාර්ශවය අතර වූ උණුසුම් තත්වය පලානය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය. 26 December 2017
මාගම්පුර වරායේ මුදල් ලැබෙයි හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 292.1 ක මුදල ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 26 December 2017
දෙහිවල සතුන්වත්තේ ආදායම ඉහළට පාසැල් නිවාඩු සමය ආරම්භ වීමත් සමග දිවා රෑ දෙකෙහිම දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා දිනෙක ආදායම ලක්ෂ දොළහකින් වැඩි වී ඇතැයි දෙහිවල සත්වොද්‍යාන ආරංචි මාර්ග පවසයි. 26 December 2017
හක්මන වැසියෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලති මාතර හක්මන පාර පුළුල් කිරිමේදී හා ගංවතුර අලාභ හානි වෙනුවෙන් වන්දි බෙදා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි පවසමින් මාතර හක්මන පාර දෙපස පදිංචිකරුවෝ අද(26) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළට කඩා වැදුණහ. 26 December 2017
උතුරු දේශපාලකයන් ආරක්ෂා කරන්නේ සිංහල පොලිස් නිලධාරීන් උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක්‍රියාවම සහජීවනයට හොඳ මාවතක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 26 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026