හර්ෂණ තුෂාර සිල්වා
ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ක්‍රියාවලියට ගෞරව කරමින් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වන මානව හිමිකම් ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති රැසකට අත්සන් තබා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ක්‍රියාවලියට ගෞරව කරමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගනිමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. සංයමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරමින් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාමකාමීව කටයුතු කරන්නැයි ද සියලු පාර්ශවවලට අවධාරණය කරනවා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමා ඔක්කොම මතක් වෙන්නේ. අවුරුදු ගණන් ඡන්ද කල් දානකොට ප්රජාතන්ත්රවාදය එකෙකුටවත් මතක් වුනේ නැහැ........
මුළු ලොවම කැලඹිලා මේ වෙච්ච නස්පැත්තියට
වජිර - එතකොට අගමැති මාරු කරන්න පුළුවන් එකේ ඡන්දය පවත්වන්න ඕනේ දේවල් කරන්න බැරි වුනාද?
බටහිර අයට ඕන විදිහට අපේ රට නටවන්න බැරිබව දැනෙනකොට මෙයාලට හොඳට දැනෙනවා. ඡන්දෙ පරක්කු කරනකොට මෙයාල සද්ද නැහැ.
අපේ රටේ ප්රජාතන්ත්රවාදය අවශ්‍ය වෙලා තියෙන්නෙ රටේ ජනතාවට වඩා මෙයාලටනෙ. හැබැයි ඔය කියන්න වගේ මැතිවරණ කල් දැමීම ගැන මෙයාල කිසි සද්දයක් නැහැ. 2015 දි මන්ත්‍රී 42ක් හිටපු රනිල් අගමැති කළ වෙලාවෙ මේ ප්රජාතන්ත්රවාදය මතක් වෙලා නැහැ.
ශ්‍රී ලංකාව අපේ රටද? නැත්නම් තාමත් උඹලගේ යටත් විජිතයක්ද? අපේ රටේ වැඩ අපිට කරගන්න දීල පාඩුවේ වෙන වැඩක් බලා ගත්තොත් නරකද? අපි නොදන්නා මානව හිමිකම්.
අවුරුදු ගණන් ඡන්ද කල් දාන එක තමන්ට වාසි වෙලාවට ඡන්ද තියන එක කරේ අද ඊයේ නොවේ! ඕවා සිරිමාවෝ, ජේ ආර්, ප්‍රේමදාස, මහින්ද සහ රනිල් ඔක්කොම කරපු ප්රජාතන්ත්රවාදී වැඩ! මේ කියන්නේ ව්‍යවස්ථාවට පටහැනි දේවල් ගැන! ඡන්ද කල් දාන එක සහ කලින් තියන එක ඔය ව්‍යවස්ථාවට අදාලම නැහැ! ඒක නිසා ලෝක ප්‍රජාවට ඒවා වැඩක් නැහැ!