මුදිතා දයානන්ද
ජරාජීර්ණ දේශපාලනය පරාජයට පත්කර ජනතාවාදී දේශපාලනයකට ජනතාව පෙළගැස්වීමේ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා වන පළමු රැළිය නොවැම්බර් 01 වැනිදා සවස 3.00ට නුගේගොඩදී පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදින් ඇතුළු සියලු ජනකොටස් මේ සඳහා දැනටමත් රැස්කර ඇති බවද, මෙතෙක් එයට එක් නොවූ සියලු බලවේගයන්ට එදිනට එක්වන ලෙස ආරාධනා කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
දැනට පවතින දේශපාලන තත්ත්වය තුළින් පොත් දහසක් කියවාවත් ලබාගත නොහැකි ඇත්දැකීම් සමුදායක් ජනතාවට ලබාදී ඇති බවද මෙරට ජරාජීර්ණ දේශපාලනය තේරුම් ගැනීමට එය ඕනවටත් වඩා ප්‍රමාණවත් බවද දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොර දියේ මාලු බාන අය.
ජවිපෙ කියලා පක්ෂෙකුත් ලංකාවෙ තියෙනවා කියලා දැනුයි මතක් උනේ.
ජ.වි.පෙට දේශපාලනය ජරාජීර්ණ එකක්ය කියලා වැටහිලා තියෙන්නේ ඔවුන්ගේ අතිජාත මිත්‍රයා රනිල් වික්රමසිංහව එලෙව්වට පස්සේවීම සැබවින්ම හාස්‍යයට කරුණකි.
අනේ දැන්ද තේරුනේ ඔයාලට? පව් යාළුවා අමාරුවේ වැටුණාම බුරනවා. දැන් ඇත්තටම ජේ.වී.පි. ප්‍රතිපත්ති නැද්ද? කඩේ යන එකද ජොබ් එක...?
තව බිලී ඕනෑවෙලා වෙන්න ඇති.
ඔයගොල්ලෝ රැලි තියතියා හිටියොත් ඇති...
2005 දී ජවිපෙ නොහිටින්න අද මහින්දත් මෙතන නැහැ..
මේ හැම ප්‍රශ්නයක්ම මේ තරමට වැඩි වෙන්න JVP එක පහුගිය කාලේ ගත්ත තීරණත් හේතු උනා. දැන්වත් රටේ ප්‍රජාතන්තවාදය රැක ගන්න පෙරට එන්න.
පෙලගස්වලා ඒ කාලේ වෙඩි තිබ්බා මතක්වෙනවා...
කොහොමත් මුල මතක නැති කට්ටිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ... චන්ද්‍රිකාට උදව් කළා, මහින්දට උදව් කළා, සිරිසේනට උදව් කළා. දැන් මේ කට්ටියටම මතක නැහැ. මහින්ද, සිරිසේන දෙන්නම එකම බෝට්ටුවේ. කෙලෙහිගුණ නොදත් ගුණමකුවෝ. තමන්ට හොඳ නම් ඒ අය නියම පොරවල්. නැතිනම් හොරු, කඩේ යනවා වගේ අවලාද නගනවා.
දැන් අමාරුම දේ තමයි එජාප කාරයින්වයි ජවිපෙ කාරයින්වයි වෙන්කරලා හඳුනාගන්න එක...
මම නම් ජේවීපී එකට ඡන්දේ දෙන්නේ නැහ. එයාලට වැඩ කළා කියලා අපිට රස්සා දෙනවා ද? පොඩි කොන්ත්‍රාත් එකක්වත් හිතවත්කමට දෙන්නේ නැතිලු. අපි පුරුදු වෙලා ඉන්නේ හොරකම් කරන්න. අපේ ගමේ සමිතියත් රජයෙන් කොන්ත්‍රාත් අරගෙන ඒක පිට අයෙකුට දීලා සියයට 10 ක් සමිතියට ගන්නවා. අපි හොරකමට ආසා ජාතියක් අපිට සාධාරණ ක්‍රම පේන්න බැහැ.