අපේක්ෂිකාවගේ ගෙදරදී බෙදූ පෝර පොලිසිය භාරයට ගෙන බෙදයි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය භාරයට ගෙන තිබුණි. 24 December 2017
පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන් ගැන පොලිස් වාර්තා සොයයි මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව පැෆරල් සංවිධානය කියයි. 24 December 2017
එස්බීට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් මැතිවරණ නීති උල්ලංගනය කරමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ හේවාහැට ආසනයේ සංවිධායක සමාජ සවිබල ගැන්වීම, සුබ සාධන හා උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා හා චන්ද අපේක්ෂක දීපාල් අරුණ ශාන්ත ගුණතිලක මහතා කටයුතු කරණ බව පවසමින් මැතිවරණ කොමසාරිස් වරයාට හා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිට පැමිනිලි කල බව මහනුවර දිස්ත්‍රික් හේවාහැට ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ලංකාදීපයට පැවැසීය. 24 December 2017
විල්පත්තු වන මැදින් ගෙනගිය මුහුදු ජීවීන් අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනෝද්‍යානය මැදින් වු මාර්ගය හරහා නිති විරෝධි ලෙස ප්‍රවාහනය කළ මුහුදු අශ්වයින් තොගයක් ඇතුළු තවත් මුහුදු ජීවින් තොගයක් බස් රථයකින් රැගෙන යමින් සිටියදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 24 December 2017
විදුලි අනතුරකින් 4ක් රෝහලේ බළන්ගොඩ ප්‍රෙද්ශයේ ප්‍රධාන පෞද්ගලික සමාගමක සේවය කරමින් සිටියදී ඇතිවූ විදුලිය කාන්දුවීමකින් අනතුරටකට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙක් රෝහල්ගතකර ඇත. 24 December 2017
ඒකාබද්ධ පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් කරළියට ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය. 24 December 2017
හල්දුම්මුල්ලේ අනතුරකින් 8 ක් රෝහලේ හල්දුම්මුල්ල බත්ගොඩදී ඊයේ රාත්‍රී 11.30 පමණ සිදු වූ රිය අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පස් දෙනෙකු දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත. 24 December 2017
ඇල්ලට ගිය රියේ හිමිකරු - රියදුරු රිමාන්ඩ් ඌරුබොක්ක සිට පැමිණි පෞද්ගලික බස්රථයක් (23 වැනිදා) අද අඵයම රත්නපුර පතුල්පාන දොඩම් ඇල්ලට පෙරළීමෙන් සිදූවූ අනතුරින් දෙදෙනකු මියගොස් 42ක පමණ පිරිසකට තුවාල සිදුවිය. මේ අනතුර සම්බන්ධව එම බස්රථයේ හිමිකරු සහ බස්රථය ධාවනය කළ රියදුරු රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් තිසාණි තේනබදු මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදී 2018 ජනවාරි මස 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමට නියමකළාය. 23 December 2017
පොදුජන පෙරමුණ සන්ධානයකට සැරසෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්රබලව පක්ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. අද (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත. 23 December 2017
ශ්‍රී ලන්කන් - මිහින් ලංකා ගැනත් විමර්ශන කමිටු වංචාව සහ දූෂණය පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නොනවත්වා කරගෙන යන බවත් අද රටම කථා කරන බැඳුම්කර කොමිසමේ වාර්තාව තමන්ට ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් එයාර් ගුවන් සේවය පිළිබඳව සොයා බැලීමට ද නව කොමිසම් දෙකක් පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 23 December 2017
ඒකදන්තයා හොරෙන්ම පුරුදු කැලේට යයි ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටි ඒක දන්ත හස්තියා නැවතත් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිය වාසභූමිය වූ ගලිගමුව වැව් රක්ෂිතයටම පැමිණ සිටියදී සොයාගෙන ඇත. 23 December 2017
පිලිපීනයේ කුණාටුවකින් 133ක් මරුට පිලිපීනයට අයත් මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවෙන් හටගත් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් 133 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 23 December 2017
බසයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට උෟරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි 23 December 2017
ලාංකිකයා හරවා එව්වාට එක්සත් ජාතීන්ගේ විරෝධය සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් ඕස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලාංකිකයකු බලහත්කාරයෙන් නැවත ශ්‍රී ලංකාවට යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විරෝධය පළ කර තිබේ. 22 December 2017
අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති 16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට කඩා වැදී වගාවන් රැසක් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 22 December 2017
තැපැල් ඡන්ද අයැදුම් කරන්න ගුරුවරුන්ට කාලය මදිලු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. 22 December 2017
සයිටම් සිසුන්ට සාධාරණය ඉටු නොවූනොත් දැඩි ක්‍රියාමාර්ග නිසි ප්‍රමිතියකින් හා වෛද්‍ය සභාවේ අනුමැතියෙන් ද තොර සයිටම් වෛද්‍ය පීඨය වහා අහෝසි කර එහි සිසුන්ට සාධාරණය ඉටුකිරීමට රජය පියවර නොගතහොත් දෙසැම්බර් 31 වැනිදායින් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි. 22 December 2017
තෝරාගත් ධීවරයන්ට නිවාස ආධාර දීම ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි මාතලේ ලග්ගල කන්දේ පිටවල හා දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ තෝරාගත් ධීවරයන් පිරිසකට නිවාස ආධාර ලෙස රුපියල් 50000 බැගින් රජයේ චෙක්පත් මේ දිනවල දඹුල්ල ජලජීවී කාර්යාලයේ නිලධාරීන් ලබාදෙන බවට මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතා වෙත අද (22) පැමිණිල්ලක් ලැබී තිබේ. 22 December 2017
පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂකගේ නිවසට මිලියන 48 ක් මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් තිබිය යුතුය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන් ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙසේ ප්‍රකාශ කළේය. 22 December 2017
කොළඹින් බදුල්ලට විශේෂ දුම්රියක් පාසල් නිවාඩුව සහ උත්සව සමය වෙනුවෙන් අද (22) සිට ජනවාරි 6වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. 22 December 2017
මත්පෙති 7800 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ලෝකයේ රටවල්වල මත්ලෝලීන් මත්ද්‍රව්‍ය සඳහා භාවිතා කරන ‘යාබා’ නැමැති මත්පෙති 7800 ක් සමඟ පුද්ලගයන් දෙදෙනක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් අද (22) කිරිබත්ගොඩ දී අත්අඩංගුවට ගනු ලැබු බව පෑලියගොඩ පොලිසිය කියයි. 22 December 2017
ලක්ෂ 50ක රට මත්පැන් සමග අයෙක් කොටුවෙයි රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් කොළඹ වරායෙන් හොර රහසේ පිටකිරීමට උත්සාහ කළ අයෙක් සුඛෝපභෝගී වෑන් රියක් සමග කොටහේන ගල්පොත්ත වටරවුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 December 2017
තිරප්පනෙන් පොහොට්ටුව ඉවත් කිරීමට එරෙහිව උසාවි යයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය අනුරාධපුර තේරිම්භාර නිලධාරවරයා විසින් ප්‍රතික්ෂේප කිරිමට විරැද්ධව අධිකරණයට යාමට පක්ෂය විසින් තිරණය කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි. 22 December 2017
ජවිපෙ පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් අත්අඩංගුවට නීති විරෝධීව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තනමල්විල පොලිසිය කියයි. සැකකරුවන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු බව ද පොල්සිය පවසයි. 22 December 2017
සම්බන්ධන් රෝහලේ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී. 22 December 2017
මීගමුවේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට හලාවත සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියට අද (22) මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 22 December 2017
නාඳුනන මළ සිරුරු නිසා දකුණු කොළඹ මෘතශරීරාගාරයේ දුර්ගන්ධයක් දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය නාඳුනන මළ සිරුරු 13 ක් ශිතාගාරවල තිබීම හේතුවෙන් අධික දුඟඳක්ද හමා යන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 22 December 2017
කොළඹ - නුවර පාර වසා පිළිමතලාවේදී විරෝධතාවයක් පිළිමතලාව, ඩී.බී.විජේතුංග මාවත පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද(22) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පිළිමතලාව නගරයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වෙති. 22 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026