කෙසෙල්ගමු ඔයට දැවි තෙල් මුසු කිරිම ගැන පරික්ෂණයක් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයට අද (22) තේ කර්මාන්ත ශාලාවක ඉවතලන දැවි තෙල් සහ කසල තේ දියකර මුදාහැරිම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත. 22 December 2017
ඡන්ද නීති කැඩු සිව් දෙනෙක් අත්අඩංගුවට ඡන්ද නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී පෙළපාළි ගොස් පොලිස් නිලධාරියකු අනතුරට ලක් කළ බව කියන හතර දෙනකු ත්රීකරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි. 22 December 2017
මැතිවරණ කොමිසම හා පොලිසිය අතර හදිසි සාකච්ඡාවක් පොලිසිය හා මැතිවරණ කොමිසම අතර හදිසි සාකච්ජාවක් මේ වනවිට මැතිවරණ කොමිසමේ දී පැවැත්වේ. 22 December 2017
කොළඹ එජාප ලැයිස්තුවට කුඩු පුතකු රිංගවීම අගමැති වළක්වයි පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත්‍රයකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමේ වෑයම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) අලූයම වළක්වනු ලැබීය. 22 December 2017
ඇමෙරිකාවට විරුද්ධව රටවල් 128ක් ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ප්‍රකාශයට ඉවත් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 128ක් හිමිවිය. 21 December 2017
සාරි පොට සිද්ධියේ නිරීක්ෂණ හෙට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මහනුවර පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරන ලද ලොව දිගම ඔසරි පොට වැඩසටහන සඳහා කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමයින් 251ක් සහභාගී කරවීම සම්බන්ධව තමාගේ නිරීක්ෂණ හෙට(22) පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශයට යොමු කරන්නේ යැයි මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ආර්.එම්.ටී.එෆ් රත්නායක මහතා ‘ලංකාදීපය’ට පැවැසීය. 21 December 2017
යාපනයේ ආයතන හතරකින් පොහොට්ටුව විසිවේ යාපනය පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ ලබා දුන් නාමයෝජනා අතරින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ලබා දුන් නාමයෝජනා පත්‍ර හතරක් ප්‍රතික්ෂේප වී ඇති බව යාපනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය. 21 December 2017
මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා හදිස්සියේ රෝගාතුරව සිටියදි මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. 21 December 2017
ජවිපෙ 31ක් ජනපතිගේ සහායට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයෝ 31 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 21 December 2017
ඇල්පිටියෙන් කෙහෙල් ඇවරිය විසිවේ පළාත් පාලන එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය ලකුණ ) යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා අද ප්‍රතික්ෂේප විය. එම නිසා එම පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 31 දෙනෙකුට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරිමට තිබු අවස්ථාව මේ නිසා අහිමි විය. 21 December 2017
පුත්තලමේ පෙළපාළිවලට පොලිසියේ සහාය පාලත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පෙළපාළි යාම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කර තිබුනත් අද සවස පුත්තලමේදී අපේක්ෂකයින් පිරිවරා ගත් පෙළපාලි කීපයක්ම දක්නට ලැබුණි. 21 December 2017
හෙම්මාතගමදී පෙළපාලි යති පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී හෙම්මාතගම නගරයට රථ පෙළපාලියේ පැමිණි මැතිවරණ ආධාර කරුවන් පිරිසක් රතිඤ්ඤා පත්තු කිරීම හේතුවෙන් හෙම්මාතගම රජ්‍ය බැංකුවක් ඉදිරිපිට ජල සම්පාදනය මණ්ඩලයට අයත් ජල නළයක් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 21 December 2017
ඇප නැතිව පුත්තලමේ කණ්ඩායමක් ප්‍රතික්ෂේප වෙයි පළාත් පාලන මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දී තිබූ කණ්ඩායම් කීපයක අපේක්ෂකයින්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව පුත්තලම තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසීය. 21 December 2017
මහනුවර නම් 24ක් ප්‍රතික්ෂේප වෙයි මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් සහ ස්වාධීන කණ්ඩායම් 11 කින් නාම යෝජනා 115 ක් ලැබුණු බවත් එයින් අත්සන් නොකිරීම සහ දිවුරුම් සහතික නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පූජාපිටිය ප්‍රාදේශිය සභාව වෙත ඉදිරිපත් කර තිබූ නම් දෙකක් , එකමුතු ප්‍රගතිශිලි සන්ධානය මහනුවර මහ නගර සභාවට ඉදිරිපත් කර තිබූ එක් නමක් ඇතුළුව නම් 24 ක් ප්රතික්ෂේ වූ බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි 21 December 2017
අපුර නම් තුනක් ප්‍රතික්ෂේප වෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ක් සඳහා පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා පත්‍ර 97 ක් අද දහවල් 12 වන විට අනුරාධුපර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබු අතර ඉන් එක් පක්ෂයක නාම යෝජනා පත්‍රය හා පක්ෂ තුනක නාම යෝජනා පත්රයන්හි අපෙක්ෂකයන් තිදෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප විය. 21 December 2017
පොහොට්ටුවත් අතත් පුත්තලමේදී ගැටුමක හිටපු ඇමතිවරයකු වු මිල්රෝයි ප්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ගැටුමක් ඇති විය. පසුව එය පාලනය කිරීමට දෙපිරිසේ පිරිස් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණි. 21 December 2017
සා/පෙ දෙමළ පැරණි නිර්දේශය වෙනුවට නව නිර්දේශය දීලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ අද පැවති දෙමළභාෂා ප්‍රශ්නපත්‍රය සදහා පිළිතුරු ලිවීමට විභාග ශාලාවට ගිය විභාග අපේක්ෂකයනට පැරණි නිර්දේශය වෙනුවට අලුත් නිර්දේශය ප්‍රශ්න පත්‍ර ලැබීමෙන් මහත් අපහසුතාවයට පත්ව ඇත. 21 December 2017
ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට විරුද්ධව ජනමතයක් ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ සඳහා ඉදිරියේදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (21) පැවසූහ. 21 December 2017
රට යවන ජාවාරමකට මල්වතු නා හිමියන්ගේ නමත් ඈඳලා මල්වතු මහ නාහිමි මූලිකත්වයෙන් ජපන් රටේ රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබාගත හැකි බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනායක හිමියන්ගේ දැනුම් දීම මත මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 21 December 2017
සම්පූර්ණ වැටුප ඉල්ලා රණවිරු බිරින්දෑවරු ජනපතිට ලියති යුද්ධයේදී මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන්ට ද සම්පූර්ණ වැටුප ලබාදෙන්නැයි රජයට බල කරමින් සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 21 December 2017
යාපන රෝහලේත් සාර්ථකව හෘද සැත්කමක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් අද (21) සහ පෙරේදා (20) ඉතා සාර්ථක ලෙස විවෘත හෘද සැත්කම් දෙකක් සිදු කළ බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්.සත්‍යමුර්ති මහතා පැවසීය. 21 December 2017
පොහොට්ටුව තිරප්පනයෙනුත් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරනු ලැබු අපේක්ෂක නාම ලේඛණය අද (21) ප්‍රතික්ෂේප විය. 21 December 2017
ග්‍රීන් ටී ලෙසින් රට යවන්න හැදු මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගී්රන් ටී වශයෙන් සකස් කර ඇමැරිකාවට සහ බි්රතාන්ය යන රටවලට යැවීමට සුදානමින් තිබු මත්ද්රව්යමය ශාක කොටස් කිලෝ 542 ක් කොළඹ 14 නාගලගම්වීදියේ දී අත්අඩංගුවට ගත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි. 21 December 2017
හොරට සාපෙළ ලියු තරුණයෙක් පිළියන්දලින් අත්අඩංගුවට පිළියන්දල විභාග මධ්‍යස්ථානයක දී වෙනත් පුද්ගලයකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 21 December 2017
උසස් පෙළ ප්‍රතිඵල 28 එයි 2017 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 28වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි. 21 December 2017
මැතිවරණ පැමිණිලි 9 ක් පළාත් පලාන මැතිවරණය ප්‍රකාශයට පත්කර දින සිට අද (21) දක්වා මැතිවරණ පැමිණිලි 9 ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 21 December 2017
නුවරඑළියේ විදුහල්පතිවරු 5 ක් ගැන විමර්ශනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නිලඇදුම් වව්චර් බෙදාදීම වෙළදාමක් කිරීම ඇතුළු වංචාවන් සිදුකළැයි කියන විදුහල්පතිවරු පස්දෙනෙක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ යටතේ පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. 21 December 2017
විස්කි බෝතල් 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි. 21 December 2017
රාජගිරිය ගුවන් පාලම ජනවාරියේ විවෘත කරන බව අගමැති කියයි රාජගිරියේ ගුවන් පාලම ලබන ජනවාරි මාසයේ විවෘත කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 December 2017
බල්ලකුගේ සපා කෑමට ලක්වූ තිදෙනෙක් රෝහලේ මීගහතැන්න නගරයේ දී අද(21) අපොස සාමාන්‍ය පෙළ විභාගය ට යමින් සිටි පාසල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනකු සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව ඇත. 21 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026