(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තු සැසිවාරය මාසයකින් පමණ කල්දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
රනිල් වික්රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සමඟ ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව කල්දමමින් සැසිවාරය කල් තැබෙනු ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ආකාරකින් අගමැති පුටුව වෙනස් වී නැත. මෙය රාජ්ය විරෝධී කුමන්ත්රණයකි. එයට උදව්දීමද වරදකි.
ප්රශ්ණවලින් පැනයාමක්. මෙම තත්වයන් රටට අයහපත්
සිරිසේන මහතා, මහින්ද මහතාට පිංසිදුවෙන්න බොහෝ වරප්රසාද ලැබුවා. අවසානයේදී එතුමාටද ද්රෝහිවී පොදු අපේක්ෂකයා ලෙස අන් පක්ෂවල සහයෝගයෙන් බලයට ආවා. මහින්ද පාර්ශවයට බොහෝ වැරදි කළා. තමන්ට මහපුටුවට එන්න උපකාර කළ අයට කොකා පෙන්වලා මහින්ද මහතාව අගමැති කළා. මංගල අදක්ෂ මුදල් ඇමතිවරයා නිසා එජාපය ජනතාවගෙන් දුරස් වෙලයි සිටියේ... මේ අගමැතිකම ගැනීමෙන් මහින්ද මහතා පාඩුවක් කරගත්තා කියලයි අපට හිතන්න වෙන්නේ. මන්දයත්, කෙලින්ම ඡන්දයට මුහුණ දුන්නා නම් මීට වඩා තනි බලයක් ලබන්න තිබුණා. ජනාධිපති මේ වෙලාවේ මෙය දුන්නේ ඔහුගේ වාසිය බලාගෙන වගෙයි. කොහොම වුනත්, මහින්ද මහතා පෙර දේ අමතක නොකොට සිරිසේන ජනපතිගෙන් පරිස්සම් විය යුතුයි. ඔහුට ඇත්තේ සුළු ඡන්ද ප්රතිශතයකි. ඔහු විශ්වාසය තැබිය හැකි කෙනෙකුද නොවේ...
බහුතරය හොයා ගන්නකන් වෙන්න අැති..