(නිමල කොඩිතුවක්කු)
කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේ.පීලාගේ කරට අත දමාගෙන සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශලා හානි පූර්ණ පනතට විරුද්ධ වීම රටට විහිලූවක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
දළදා මාලිගාවට බෝම්බ ගැසූ කරුණා අම්මාන්ට කිරි පොවා සුර සැප දුන් ඒකාබද්ධ කල්ලිය එක්සත් ජාතික පක්ෂයට කොටි බොඩ් ඇලවීමට උත්සාහ දැරිම පවා තමා පුදුම වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි අද(26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
‘‘හානිපූර්ණය සඳහා වන කාර්යාලීය පනත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වුණා. රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක යන මහත්වරුන් ඝාතනය කල එල්. ටී.ටී. ඊ සාමාජිකයන්ගේ පවුල්වලට මුදල් ගෙවන්න අපි කටයුතු කරන බවට දැන් ඒකාබද්ධ විපක්ෂය අපිට චෝදනා කරනවා.
මේ පනතේ හොඳ දේවල්, ධනාත්මක දේවල් කතා කරකරන්නේ නැතුව එල. ටි. ටී. ඊ එකට අපි මුදල් දෙන්න යනවා කියන සටන් පාඨය දාලා බලනවා නැවත ජාතිවාදය අවුස්සන්න පුලූවන්ද කියලා.
විමල් වීරවංශ මහත්තයා කියන විදියට දළදා මාළිගාවට බෝම්බ තියපු අයට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ අයට කාන්තන්කුඩියේ මුස්ලිම් බැතිමතුන් ඝාතනය කළ අයට අපි වන්දි මුදල් දෙන්න යනවලූ. මේ ප්රහාරයන් සියල්ලටම නායකත්වය දැරුවේ කරුණා අම්මාන් විසිනුයි.
මේ කරුනා අම්මාන්ට ඒ අය ඇමැතිකම් දිලා කැබිනට් එකේ වාඩි කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කලා. පිල්ලෙයාන්ව මහ ඇමැති කලා. කේ. පීට සුර සැප දුන්නා. රාජපක්ෂ ආන්ඩු කාලේ මේ අය මෙහෙමයි එල්. ටි.ටී. ඊ එකට හානිපූර්ණය ලබා දුන්නේ. එහෙම කරන ගමන් අපිට චෝදනා කරනවා. මොකක්ද මේ හතර බීරි කතාව කියලා අපි ඒ අයගෙන් අහනවා.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු උදම් අනමින් කියන්නේ කරුණා අම්මාන් පිල් මාරුකළ හන්දලුනේ යුද්දෙ දිනුවේ කියලා... එ්කලුනේ ඇමතිකම්, උප සභාපතිකම් දීලා රජ සැප විඳින්න අවස්ථාව සලසලා දුන්නේ... ඒ කතාව තමයි ඇස්, හිස්, මස් දන්දී අනේක, අප්‍රමාණ කැපකිරීම් සිදුකරමින් යුද්ධය දිනා දුන් වීරෝධාර රණවිරුවන්ට කළ හැකි ලොකුම අපහාසය... ඊට වැඩිය දෙයක් නැහැ.
කරට අත දමා ගත්තේ යුද්ධයක් අවසාන කරලා නුඹලා හමුදාවට යුද මිග් යානා දෙන්න එපා කියා ලෝකයට කීවේ කා සමග කරට අත දමාගෙනද? ජනතාව අසනවා... ණය නොගෙවන බවත් එදා පැවසුවා.
පින්තූරයක් ලඟ තියෙනවා නම් ප්‍රසිද්ධියේ පලකරන්න. ඔය කටවල්වලින් කීයක් දේවල් කිව්වද? එකක් ඔප්පු කරලා පෙන්නුවද? හොරුටික එක රැයින් අල්ලනවා. කිව්වා. අගමැති, ජනාධිපති ඇතුළු සැම ප්‍රසිද්ධියේ මේවා කිව්වේ... නමුත් ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරිවුණා. කවදාවත් කිව්වද බදු වැඩිකරනවා, බඩුමිල වැඩිකරනවා කියලා... දැන් කොහොමද තත්වය? හොරුන්ගේ මිනිසුන්ගේ කරපිට දමලා ප්‍රභූලා සතුටින් ඉන්නවා. මැතිවරණයක් තිබ්බොත් යහපාලනයට.... ගහගන්න වෙන්නේ ජවිපෙ එක අතඋඩින් දිනනවා.
මිනීමරුවන්ගේ කරට අත දමන්නේ මිනී මරුවන්ම තමයි...
හොර සාම ගිවිසුම් ගැහුවේ කවුද දන්නේ? හදිසි නීතිය පැරැද්දුවේ කවුද දන්නේ නෑ...
මොන බම්බුවක්ද හලෝ ඔහේ කියන්නේ? ප්රභාකරන් එක්ක හිටපු තරු පහේ එල්ටීටීඊ ත්‍රස්තයින් වන කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අය ත්‍රස්ත විරෝධීන් කළා.. තවටිකක් කල් දුන්නානම් ප්‍රභාකරන්වත් එල්ටීටීඊ විරෝධියෙක් කරනවා. ඒවා රනිල්ට හිතන්නවත් බැහැ.
කෝ අර 62කේ කට්ටිය. අනේ පව් නේද? මදැ අලියාගේ නැට්ටේ එල්ලිලා ගියා ලැම්බෝගිනි බලන්න.