(අජන්ත අගලකඩ)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්රී කණ්ඩායම අද (27) රාත්රී 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ ඇත.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායමද මෙම රැස්වීමට සහභාගි වේ.
ආණ්ඩුව පිහිටුවීම හා ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ රැස්වීම කැඳවනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ පාට භේද නෑ.. රටට හොඳක් වෙනවා නම් එච්චරයි. රනිල් අසමත් බව රටටම පෙනුණා. නව අගමැතිතුමාට සුබ පතනවා..
කන්න දුන්නු අත්දෙකම හපාකාපු හැටි නම් වගකිවයුතු නිලයක් දරන්නෙකුට තරම් නැහැ. බොහෝ දෙනෙක් කියන්නේ තමන්ගේ වල තමන්ම කපාගත්තා කියලයි.
ඕතන බහුතරයත් මෙයාට විරුද්ධයි. මහින්දගේ පදේට තමයි ඔතනත් නටන්න වෙන්නේ. එතකොට තේරෙයි තමන් හත්පොලේම ගාගත්ත විත්තිය. එතකොට පරක්කූ වැඩිය නිවටසේන වගේ තමයි ඉන්න වෙන්නේ.
ඔය විදියටම සේරම කැඳවලා අගමැති පත්කරන්න තිබුණනේ.. දැන් ප්රසිද්ධියේ වැඩ කරන්නේ. කොන්දට පත්තු බැන්දද? පියාගේ නිවට කම නිසා දරුවන්ගේ ජීවිත අනතුරේ. රටේ ජනතාව මහින්දට පාලනය කරන්න දෙන්නේ නැහැ කිව්වා. පාසල් යන දරුවන් සුළු වරදටත් බෙල්ලේ වැල දාගන්නවා. මේ කරපු පාවාදීම් දෙක නායකයෙක් කරන දෙයක්ද?