එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යෑමෙට හෙට උදේ 8 වන තුරු කාලය ලබා දෙන බවත්, එසේ ඉවත්ව නොගියහොත් නීත්‍යනුකූලව ඔහු ඉවත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ ආණ්ඩුවෙන් හදපු විශේෂ මහාධිකරණයට බැඳුම්කර හොරු ගෙනන බව ද ඔහු කීවේය.
‘ආණ්ඩු බලය නැතිව සෙනඟ ගෙනත් ගාලුමුවදොර පිරෙව්වා නම් ආණ්ඩුබලය තියෙද්දි කරන්න පුලුවන් දේවල් හිතාගන්න පුලුවන්.‘ යැයි ද වීරවංශ මහතා සඳහන් කළේය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැස්සෙක් ගිය උඩ කිව්වලු...
වැඩිය නටන්න එපා. කෙලවෙයි ඉක්මණටම.
නූගත් මෝඩ රස්තියාදු වැඩ තමයි.
දැන්මම චන්ඩිකම් ඔලුවට ගහල වගේ... මොන චණ්ඩිකම් දැම්මත් ඒවා ජනබලයට යටයි මහත්තයෝ..
මහින්ද මාමාගෙන්, රනිල් මාමාගෙන් සහ සිරිසේන මාමාගෙන් සහ අනෙක් ඕනෙම කෙනෙක්ගෙන් ඉල්ලන්නේ මොනවා කරත් ලංකාවේ O/L අසමත් අයත් එක්ක නම් දේශපාලනය කරන්න නම් එපා... අපිට ඉස්කෝලේ යන්නත් එපා වෙනවා O /L නැතුවත් රටක් පාලනය කරන්න පුළුවන් කියලා දැනගත්තාම...
අනේ හැකර කට වහගන්න...
කවුදෝ කාටද “තොලොන්ජි වෙලා පල ” කියනවා ඒ කාලෙත් ඇහුණා...
උදෙන්ම නොගියොත් කනෙන් ඇදලා දොට්ට දමන බව කියන්න.
හොර පාස්පෝර්ට් කතා කරනවා...
ඇද්ද අහගත්තා...? පාස්පෝට් කෙස් එක වෙලාවේ පිහිට වුණාට කෙලෙහිගුණ සලකන විදිය රනිල් මහත්තයෝ පිළිගන්න ඔබතුමාට හෝඩියේ ළමයෙකුට තරම් මොළයක් නැහැ..
නූගත් කට්ටියට හොඳයි ඇමතිකම් ගන්න. කකුලේ ඇඟිලි ලෙවකාලා... වැඩේ කරන මිනිහට අරලිය ගහ මන්දිරයම ඕනෑ නැහැ වැඩ කරන්න. දේපල තණ්හාවට එන්නේ.. ගියපාර පාස්පෝර්ට් හදාගත්තා.. මේ පාර හොර විවාහ සහතික හදා ගන්නද? රජ්ජුරුවෝ නැතිවුනේ කවට අන්දරේ නිසායි. මේ පාර රජ්ජුරුවෝ අන්දරේ, හිවල්ලු ලංකර ගන්නේ නැහැ. කුලී වැඩක් හොයාගන්න තමන්ගේ උගත් තරමට...
පාස්පෝර්ට් එක තියලා යන්න කියන්න.
දැන් ජන්ම ගතිය එළියට එනවා. මැරකමයි, හොරකමයි විතරයි දන්නේ... දැන් ඉතිං පවුලටයි, නෑනටයි, මස්සිනාටයි, නෑනගේ මස්සිනාටයි ආණ්ඩුවේ වාහන, ගෙවල් වගේම මුදල් බෙදන්න නලියනවා ඇති....
හොඳට හොඳය පාස්පෝර්ට් හොරකමින් බේරගත්තට උදව්ව.
මේ කව්ද?
රන්ජන් හොරු ටික වටකෙරුවා රනිල්ලා ඔහුට විරුද්ධව සිටිමින් හොරුන්ව ආරක්ෂා කළා ...පේනවා නේද දැන් හොරුන්ගේ ගෝරනාඩුව. කර්මය කර්ම පලය විශ්වාස කරන මේ අපි හොරුන්ට බලයට එන්න ඉඩ ලැබෙන්නේ නැහැ කියා දන්නවා
ඔව් ඉතින් 1988 හා 1989 කාලයේ තමුන්ලා කරපු සෙල්ලම් රටම දන්නවා
ඉස්සරහට රට කරවන හැටි පෙන්වන හොඳ කතාවක්. 62 ලක්ෂයක ඡන්ද දායකයෝ බලාපොරොත්තු වුනෙත් හිටපු කට්ටිය බලයට ආවහම එහෙම කරයි කියලයි. එ් වෙනුවට ඒ ගොල්ලෝ කලේ නඩුදානවා වෙනුවට " ඩීල්" දාපු එකයි. දැන් තේරෙනවා ඇති වෙචච දේ...
හොරට පාස්පෝර්ට් හදලා පුස්පාර්ට් දමන්න එපා...
අනේ රටට යන කලක්...
මෙයාද කල්ලතෝනියෙක් ගමන් බලපතක් නැති, හැඳුනුම් පත නොමැති රට කන කෙනෙක්...
හෙට උදේ 8ට පස්සේ ඩොලර් එක 130ට බහිනවලු.. මාරයි...
හිටපු රජය පෙරලා දමා පැය 24ක් යන්නත් පෙර තුන්මුල්ලේ විමලේ සහෝදරයා ගිරියේ නහර උළුප්පාගෙන තප්පුලන්න පටන් අරගෙන වගෙයි! මහින්ද අයියාගෙන් ටොප් ඇමතිකමක් ලබාගන්න වෙන මොනවද කරන්න ඕනෑ?
විමලේ හරියට තමුන්ගේ ආණ්ඩු පාලනය වගේ.. හොඳින් පෙනෙනවා වෛරය, කුහකත්වය කොපමණද කියා...? දැන් නැවතත් රාත්‍රී කාර් රේස් වැනි ජල්තර සියල්ල ඔය වෙඩිවැල් පත්තුකර කිරිබත් කා බීගෙන නටපු අයට හොඳයි. අනික් රටේ සාමාන්‍ය ජීවිත ගෙවන අයට දෙයියන්ගේම පිහිටයි. ප්‍රශ්නවලට පාරට බැස්ස විශ්වවිද්‍යාල ඇතුළු ජනකොටස් ගැන බැලිය හැකියි. නැවත 2015ට පෙර තත්වයට යයි. වැරදි, වංචා කළ අය නිදහස් වෙයි. නවත්තන්න මිනිසුන්ගේ කට වසා බලතණ්හා රජ පවුල සහ ඔහුගේ හෙන්චයියලාගේ වැඩ බලා සිටීමට කාලය ඇවිත් ඇත. එක පවුලකට යටවී සිටීමට තරම් මෙහෙමත් මනුෂ්‍ය කොට්ටාශයක්...
අම්මෝ ටොමියගේ සැර. පාරේ යන අයටත් බුරනවනේ?
ඔතන පදිංචි වෙලා කන්න බොන්න හම්බ කරගන්න ඕන වෙන එකක් නැහැ . එතුමාගේ නෝනාටත් එක්ක වැදගත් උගත් රැකියාවල් තිබෙනවා. අනුන්ගේ පදිංචිය සොයන්න කලින් තමන් ගේ පාස්පෝට් ප්රශ්නය විසඳා ගන්න. රටේ සිවිල් නීතිය දන්නේ නැති මිනිස්සු දේශපාලනයේදී දන්නේ බෙරිහන් දෙන්න විතරයි.
කටු කන අය කොහොමත් සැරයි............
කෝ තාම ගිහිල්ල නැනේ. පාස්පෝර්ට් එකක් හදනවලු තියන එකට වඩා අඩු වයසක් දාල. අවුලක් නැනේ ඔයත් කරලා අහු උන වෙලාවේ එලියට ගත්ත මිනිහනේ.