(අංජුල මහික වීරරත්න)
ලංකාවට සාම සාධක හමුදාව කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියුමක් යවා ඇතැයි පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදන ලද ලියුමක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇතැයි කී ඒ මහතා මෙම බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගනේ ඉල්ලීමක් කළේය.
හරීන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම අවස්ථාවට සහභාගී වූ පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ හොර ලියුම් කප්පත්තන් ‘රාජපක්ෂ කල්ලියේ‘ සිටින බවයි.

(ඡායාරූපය -චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව අවුස්සන්නට බොරු ප්‍රචාර ගෙන යනවා! ජනතාව දැනුවත් කල යුතුයි !
මේ කතා කොරන්නේ ෆුට් නෝට් කල්ලිය. ඒකත් මේවා කියවන අය හිතේ තියා ගත යුතුයි.
ඡන්දෙට කලින් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අනුරුවක් ගේනවා මතකයි අපිට තවම...
"කළ හොඳ පස්සෙන් එලවනවා" කියන්නේ මෙහෙම දේ වුණාම... කාටකාටත් මේවා හොඳ පාඩම්...