(මනෝප්රිය ගුණසේකර)
මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන නොවැම්බර් මස 07 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (29) තීරණය කළේය.
2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධූරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශුද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ දිනපතා විභාග කෙරෙන නඩුවක සාක්කි මෙහෙයවීමට ඇති බව දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා නොවැම්බර් 07 වැනිදා මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එයත් නිදහස්.., ඔන්න පටන් ගත්තා පමණි
බය වෙන්න එපා ඒ නඩුව විසිකරනවා.
sandy හරියටම හරි නිදොස් කොට නිදහස් කරයි.
පොඩ්ඩක් ඉවසලා ඉන්න තියෙන්නේ අරලිය මැදූරට රීංගන තුරු එහෙදී නොවැ තින්දු ලියන්නේ.
වැඩේ හරි වගේ නේද? එ්ත් අපට නම් සැකයි!
මෙයා ඇතුළු නඩු ඇති ආණ්ඩුවේ දේශපාලුවෝ දැන් නිදහස්. නීතියේ ස්වාධීනත්වය දැන් බලා ගන්න පුළුවන්
මේ අගමැතිට අත ඉස්සුවොත් නිදොස්. අර අගමැතිට අත ඉස්සුවොත් වරදකරු .
අවුලක් නැහැ. මෙයා අපේ සල්ලි හොරාකාලානම් අනිවාර්යයෙන් ඇතුළට යන්නම ඕන. හොරා කෑවනම් ඒ මුදල් රජයට පවරගන්න ඕනි. මෙයා ඇතුළට ගියාට ඥාති සහෝදරයා දැන් ඇමති මණ්ඩලයේ ඉන්නවානේ.