ඉන්දිකා රාමනායක
පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ විධායකයේ ප‍්‍රධානියා සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ බාර ප‍්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිශ්චිත නියෝග හා උපදෙස් අනුව පමණක් බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (7) පැවසීය.
පෙර ආරක්ෂාව යළි ලබා දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරුන් කරනු ලබන ඉල්ලීම් තමන්ට ඉටු කළ නොහැකි බවද පොලිස්පතිවරයා කියා සිටියේය.
පොලිස්පතිවරයා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
2015.11.09 දින අංක 21/31/2015 දරණ පොලිස්පති චක‍්‍රලේඛයේ ප‍්‍රතිපාදන වලට අනුව සියලූ ඇමැතිවරුවන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට හා මන්ති‍්‍රවරුන්ට අවශ්‍ය ආරක්ෂාව දැනටමත් අවශ්‍ය පරිදි ලබා දී ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට හා මන්ත්‍රීවරුන්ට පෙර තිබූ ආරක්ෂාව ලබා දෙන ලෙසට හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලිපියක් මගින් තමන්ගෙන් කර ඇති ඉල්ලීම තමන්ට ඉටුකළ නොහැකි බවත් එම ඉල්ලීම වලංගු නොවන බවත් පොලිස්පතිවරයා පැවසීය.
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ එම ලිපිය හිටපු අමාත්‍යවරුන් වන නලීන් බණ්ඩාර, දයා ගමගේ සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් පොලිස් මුලස්ථානයට බාර දී ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු මෝරු හැප්පෙනවා, හාල් මැස්සෝ තැලෙනවා .
රටේ මෙවැනි වාතාවරණයක් තිබියදී පොලිස්පතිවරයාට කටයුතු කළ හැකි වනුයේ විධායක ජනපති කියන ආකාරයට බව පෙනේ. මන්ද යත්,ජනාධිපති සේනාධිනායකයා වන බැවිනි. ඒ නිසා ඔබතුමාලාට හැකිනම්,මේ දින කිහිපයත් ඉඳලා බහුතර බලය පෙන්වා බලය අතට ගන්න. සිදුවිය යුත්තේ එයයි. නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම නොවේ. පක්ෂ විපක්ෂ එකිනෙකා ගැටීමේදී වඩාත්ම අසරණ වෙන්නේ අතරමැදි නිලධාරීන් වන බැවින් ඔවුන් දෙස අනුකම්පාවෙන් බැලීමට පුරුදුවන්න.
කොහොමහරි ලකුණු ටිකක් ගෙන තියෙන ප්‍රශ්න ටික බේරගන්න
පොලිසිය දේසපාලන බලයට ගැතිවුණු ආයතනයක් බව අමුතුවෙන් කියන්න ඕනෙද ?
දැන් ඇති ඉල්ලා අස්වී මහත්මයෙක් වගේ ගෙදර යන්න
මදැයි, දැන් මහජනතාව ආරක්ෂා කරන්නේ කව්ද? අපිට මොනවහරි වුනොත් ඉතින්, නියෝග එනකල් බලාගෙන ඉඳියි. එතකොට අපි සෙත්තපෝච්චි... අපි හිතාගෙන හිටියේ පොලීසිය සියලු ලාංකික ජනතාවගේ ආරක්ෂාවට තියෙන ආයතනයක් කියලයි. දැනුයි දන්නේ එහෙම බලතලයක් නැහැයි කියලා...