(නිමල කොඩිතුවක්කු)
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ ඉතා ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹදී අද (07) පැවසීය.
බොහෝවිට ඉදිරි මාස තුනක කාලය තුළ පාළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘ජනාධිපති සහ අගමැතිවරයා විසින් මැතිවරණ කොමසාරිමස්වරයා කැඳවා පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට උපදෙස් දුන්නා. පාර්ලිමේන්තුවේදී මේක ප‍්‍රමාද වෙනවනම් ඊළඟ මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයටත් මේ මැතිවරණය පවතින මනාප ක‍්‍රමයට පැවැත්වීමටත් එහිදී උපදෙස් දුන්නා.
මේ රටේ ජනතාව මැතිවරණ නැතුව පීඩනයෙන් හිටියා. ජනතා පීඩනය නිසා මේ වතාවේ විතරක් පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ පවත්වන්න පුලූවන්. ඒ නිසා කෙටි කාලයකින් මේ මැතිවරණය පැවැත්වීමට නියමිතයි‘‘ යැයිද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නැතුව එහෙම කරන්නෙ කොහොමද? අමතක වුනා, දැන් මේ රටේ නීතියක් නෑනේ.
ඒ කියන්නේ එක් වරකට එක් පළාත් සභාවකට හෝ දෙකකට මුලු රාජ්‍ය බලයම යොදා ඡන්ද පවත්වන ක්රමයද.
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න , පහළොස් වෙනිදට යලි මා ඇහැරවන්න
දැන්නේ මතක්වෙලා තියෙන්න පරණ ක‍්‍රමය ගැන.
අනේ අසන ක‍්‍රමයට ඡන්දෙ තිබ්බොත් ජේවීපි එකට මොකද වෙන්නේ? පව් ඒ අසරණයින්ටත් මොකක් හරි ජිවනෝපායක් හැදෙන විදියට ඡන්දේ තියන්න. පඩි පතට නම් විදින්න එපා....
කොයි පැත්ත පෙරලුනත් මේ ගොල්ලන්ගේ ඇමතිකම් හෙල්ලෙන්නේ නැහැ. නියම ශ්‍රීලාංකික දේශපාලනය!
මොකටද පළාත්සභා ඡන්ද කෙලින්ම මහා ඡන්දෙකට යන්න පාර හදා ගමු