බැඳුම්කර කොමිසමට ගරහන්නේ නොදන්නා කමටයි - ඇමැති සුසිල්
මහබැංකු බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට ඊට වඩා බරපතල සිද්ධියක් වුවත් පරීක්ෂා කිරීමට අවශ්‍ය නිපුණතාවය, දැනුම, පසුබිම යන සියල්ල තිබෙන බවත්, ඔවුන්ට විශේෂඥ දැනුමක් නොමැති බව කියන්නේ විෂය පථය ගැන නිසි දැනුමක් නොමැති අය බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.