නියෝජ්‍ය ඇමැතිනි ශ්‍රියානි අනතුරකින් රෝහලේ නියෝජ්‍ය අමාත්‍යවරියක් වන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගමන් කරමින් සිටි බෙන්ස් රිය කොළඹ නුවර මාර්ගයේ තඹුත්තේගම හේනවල වංගුව අසලදී අද (15) ගසක හැපීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් කරන ලද බව පේරාදෙණිය පොලිසිය පවසයි. 15 January 2018
ආණ්ඩුවේ රැස්වීම්වලට ලංගම බස්වලින් සෙනඟ : මැකෝට පැමිණිලි ආණ්ඩුවේ දේශපාලන රැස්වීම්වලට පාක්ෂිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇතැයි එම කොමිසමේ ලේකම් හේමන්ත හේරත් මහතා ලංකාදීපයට පැවසීය. 15 January 2018
ගිය ආණ්ඩුවේ බැඳුම්කර මල්ලත් ලෙහයි මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී සිදුවූ බැඳුම්කර නිකුත්කිරීම් සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් (නැවත සොයා බැලීමක්) සිදුකිරීමට මහබැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ. 15 January 2018
ජනපති ධුර කාලය අවුරුදු පහයි වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් කියැවුණි. 15 January 2018
බැඳුම්කර වාර්තාවේ පිටපතක් අල්ලස් කොමිසමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ. 14 January 2018
ලක්ෂ 25ක මත් පෙති සමඟ දෙදෙනකු සැකපිට ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා මත් පෙති , ගබ්සා පෙති සහ මත් කුඩු ඩප්පි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ . 14 January 2018
මංගලගේ චක්‍රලේඛය නවත්වන්න ජනපතිගෙන් උපදෙස් මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. 14 January 2018
ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය ඉන්දීය හමුදා ලොක්කාට විසවෙයි ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නොවන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී බිපින් රාවට් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය අද (14) වාර්තා කළේය. 14 January 2018
වැරදි පණිවුඩයකින් හවායි වැසියෝ කැලඹෙති ඇමරිකාවේ හවායි දූපත් වෙත වැරදීමකින් ලැබුණු මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් හේතුවෙන් බොහෝදෙනා දැඩිලෙස කලබල වූ බව වාර්තා වේ. 14 January 2018
රාජ්‍ය නායකයෝ දෙදෙනෙක් ලබන සතියේ දිවයිනට මෙරට නිල සංචාරයන් සඳහා විදෙස් රාජ්‍ය නායකයින් දෙදෙනෙකු ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 14 January 2018
කරන්දෙනියෙන් කොටි පුල්ලි මතුවෙයි කරන්දෙණියේ මඩකුඹුර ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය හා මෙරට නිෂ්පාදිත තුවක්කු හතරක් සහ අත්බෝම්බයක් ද ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 14 January 2018
ලක් ධීවරයෝ අට දෙනා යළි රිමාන්ඩ් සීෂෙල්ස් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික ධීවරයින් අට දෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇතැයි සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි 14 January 2018
තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. 14 January 2018
ජවිපෙ මන්ත්‍රීට නඩු දමන බව ඌව මහ ඇමැති කියයි ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ ජවිපෙ ගුරු සංගම් නියෝජිතයන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. 14 January 2018
කොකේන් ටොන් එකක් විනාශ කෙරේ ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ නමැති මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (15 වැනිදා) විනාශ කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කටයුතු යොදා ඇතැයි වාර්තාවේ. අධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථානයක ගබඩා කොට ඇති මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්ෂිත ගිනි උදුනක දමා පුලුස්සා විනාශ කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් ආරංචි මාර් 14 January 2018
සෙල්ලන්කන්දල් ඇතා වැට පැන මහපාරේ පුත්තලම සෙල්ලන්කන්දල් වනරක්ෂිතයේ ඇතා අද (14 වැනිදා) පෙරවරුවේදී පුත්තලම-අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී විදුලිය වැටෙන් පැන මාර්ගයට පැමිණ ඇත. 14 January 2018
තෛපොන්ගල් සැමරුම මරණ දෙකකින් කෙළවර වෙයි වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී අද (14) අලුයම සිදු වූ මෝටර් රථ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි. 14 January 2018
මහීපාල හේරත් මහින්දට එකතුවෙයි සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ලේ නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය. 13 January 2018
අනුරාධපුර රෝහලේ දී මළ සිරුරු දෙකක් මාරු වේ අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු මාරු වී නිවෙස්වලට රැගෙන ගොස් ඇති අතර එය අතපසු වීමක් බව දැනගැනීම පසු නැවත එම සිරුරු නිවැරදි කරගැනීමට අනුරාධපුර රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 13 January 2018
ආදිවාසියෝත් මැතිවරණ පොර පිටියට මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණය සදහා මයියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හේනානිගල ආදිවාසී පරපුරේ තරුණියක් තරග වදින බවත් ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් රට පුරා සිටින ආදිවාසී ජනතාව නියෝජනය වෙන පරිදි උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට වැවීම තම බලාපොරොත්තුව බවත් දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කියති. 13 January 2018
සිරකරුවා දිවිනසා ගැනීමෙන් පොලිස් පරීක්ෂකට මාරුවක් ගංජා ග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි තරුණයකු පොලිස් සිරමැදියේ ගෙල වැලලාගෙන මියාමේ සිද්ධියක් මුල්කරගෙන පිටකොටුවට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි මඩකලපුවට මාරු කර ඇත. 13 January 2018
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඩිෆෙන්ඩර් රියක් පෙරළෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් කිලෝ මීටර 43 ආසන්නයේ දී මාර්ගය හරහා පෙරැළී යාමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ ඇතැයි අධිවේගී මාර්යග පොලිසිය කියයි. 13 January 2018
බස්නාහිර මුහුද රළු වෙයි දිවයිනට බස්නාහිර දෙසින් මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීයහැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 January 2018
පෞද්ගලික හා ලංගම බස් රථ අනතුරෙන් 9 ක් රෝහලට බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය කළ ලංගම බසයක් හා කොළඹ සිට බදුල්ල බලා ධාවනය කළ පෞද්ගලික බසයක් අද (12) මුහුණට මුහුණලා ගැටීමෙන් 9දෙනක් තුවාල ලබා රෝහල් ගතකර ඇත. 12 January 2018
රෝගීන් අනතුරේ තබා කරාපිටියේ වෛද්‍යවරු කඹ අදිති ගාල්ල බෙලිගහ හන්දියේදී බල්ලකුගේ සපාකෑමට ලක්වූ දැරියන් දෙදෙනකු හා බල්ලන් සපා කෑ තවත් දෙදෙනකු අද (12) කරාපිටිය රෝහලට ඇතුත් කර තිබූ අතර එහිදි හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලභීතිකා එන්නත විදීම තම රාජකාරිය නොවන බවයි. 12 January 2018
විදුලි බස් රථ 18 ලගදීම කොළඹට කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය. 12 January 2018
ඕනෑම වේලාවක ගෙදර යන්න සූදානම් - ජනපති ධූරකාලය පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් හැදීමේ සිහිනයක් තිබෙන නිසා මිස බලයේ රැඳී සිටීමේ උවමනාවෙන් නොවන බවත් අද වුනත් ගෙදර යන්න තමන් සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය. 12 January 2018
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනයට විනිසුරුවරුන් 4කගේ විරෝධය ශ්‍රේෂ්ඨාධිකරණයේ අපක්ෂපාතී බව ගිලිහි ඇතැයි ද එය ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය අන්තරායකට පමුණුවනු ඇතැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිව්දෙනෙක් අද (12) අවධාරණය කළහ. 12 January 2018
ලක්ෂ 15 ක විදෙස් මත්පැන් - දුම්වැටි අල්ලයි තීරුබදු රහිතව මෙරටට රැගෙනවිත් තිබු රුපියල් ලක්ෂ 15 ට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් බෝතල් 108 ක් හා විදෙස් දුම්වැටි 9000 ක් අද (12) කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ දී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 12 January 2018
ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් ගැන විමසුම සඳුදා ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් වල ප්‍රගතිය විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව සඳුදා (15) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රැස්වන බව මානව හිමකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 12 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026