කෝටියක හෂීස් කටුනායකින් මතුවෙයි රුපියල් කෝටියකට ආසන්න වටිනාමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රධාන කුරියර් සේවා ආයතනයක් තුළ තිබී ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශය අද (13) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 13 July 2021
කරුණු කිහිපයක් මුල්කරගෙන කඩවතදී ස.ජ.බයෙන් විරෝධතාවයක් රජය ගෙන යන ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළ, ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම, මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත නගර මධ්‍යයේදී අද (13) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි. 13 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 882ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 882 දෙනෙක් අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 July 2021
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිධූරය මේජර් ජෙනරාල් උදය නානායක්කාරට නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයකු ද වන මේජර් ජෙනරාල් වී. උදය බී. නානායක්කාර මහතා පත්කරනු ලැබ ඇත. 13 July 2021
“මහාචාර්ය ඒකකය කුරුණෑගලට දෙන්න’’ වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කළ යුත්තේ කුළියාපිටිය රෝහලේ නොව කුරුණෑගල රෝහලේ යැයි රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 13 July 2021
කොවිඩ් මරණ තව 41ක් කොවිඩ් ආසාදිතවූ තවත් 41 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,574 ක් දක්වා ඉහළ ගොස් ඇත. 13 July 2021
කොළඹ ගුරුවරු සියයට 97කට එන්නත්දී අවසන් කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 13 July 2021
පුංචි ඡන්දෙට වෙනස්කම් රැසක් පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70යි 30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇත. 13 July 2021
සිරින්ජර දස ලක්ෂයකුත් අද දිවයිනට එන්නත්කරණ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සිරින්ජර (SIRINGER) දස ලක්ෂයක තොගයක් චීනයේ සිට මෙරටට අද (13) අළුයම රැගෙන එනු ලැබීය. 13 July 2021
88 වසරකට හිරේ ගිය කත ජනපති සමාවෙන් ඇවිත් කුඩු විකුණලා වසර 88 ක සිරදඬුවමක් නියම වී ජනාධිපති සමාවෙන් නිදහස් වී පැමිණ අනියම් සැමියා සමග ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අළෙවිකරමින් සිටි කාන්තාවක හෙරොයින් ග්‍රෑම් 12 ක් සමග පෙරේදා (12) අනුරාධපුර නගරයට ආසන්න රත්නායකපුරදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය පවසයි. 13 July 2021
ජනතාවට මැතිසබයේදී මන්ත්‍රීවරුන් හමුවෙන්න අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීම සඳහා මෙයට පෙර තිබූ අවස්ථාව යළි ලබාදීමට අවධානය යොමු වී ඇතැයි සභානායක කාර්යාලය පවසයි. 13 July 2021
පිට පළාත්වල සිට කොළඹට දුම්රිය ගමන් වාර හතක් පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පලාත් වල සිට දුම්රිය හතක් හෙට දිනයේ කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට නියමිත බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේය. 13 July 2021
අ‘පුර රෝහල් කිහිපයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රොහල් කීපයක්ම කඩිනමින් මධ්‍යම ආණ්ඩුව යටතට පවරාගන්නැයි තමන් මේ වන විට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 13 July 2021
“කිසිම නාලිකාවකට සාමය නැති කරන්න දෙන්නේ නෑ’’ කිසියම් මාධ්‍ය නාලිකාවක් රටේ සාමය නැති කිරීමට හෝ ජාතීන් අතර අසමගිතා ඇතිකිරීමට උඩගෙඩි දෙමින් කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මාධ්‍ය ඇමතිවරයා ලෙස තමා පසුබට වන්නේ නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 13 July 2021
ඇමති විදෙස් කොන්සල්වරු හත්දෙනෙකු හමුවෙයි කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නේවාසික කොන්සල් ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටි. 13 July 2021
‘‘කළුතරට ගව ඝාතකාගාරයක් එපා‘‘ හිමිවරු නගර සභාවට කඩා වදිති ස්ථීර ගව ඝාතකාගාරයක් ඉදි කිරීම සඳහා කළුතර නගර සභාවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ යෝජනාවට විරෝධය පා භීක්ෂූන් වහන්සේලා පිරිසක් කළුතර නගර සභා රැස්වීම මැදට කඩා වැදී සිය විරෝධය ප්‍රකාශ කළහ. 13 July 2021
බලන්ගොඩ රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙක් පැන යයි බලංගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩි රෝගියෙකු අද(13) දා දහවල් රෝහලෙන් පැන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 July 2021
ඔන්ලයින් දෙවැනි දිනයටත් නෑ පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීම දෙවැනි දිනයටත් අද සිදු නොවූ අතර එම ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ කියති. 13 July 2021
එතෙර සිටින පාතාලයෙකු මෙතෙර ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 5 ඉල්ලලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු විදේශ රටක සිට වට්ඇප් තාක්ෂණය ඔස්සේ කතාකර රුපියල් කෝටි පහක කප්පමක් ඉල්ලූ බවට ප්‍රධාන පෙළේ ආයතන කීපයකට ශ්‍රමිකයන් සපයන බත්තරමුල්ලේ ව්‍යාපාරිකයකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 13 July 2021
කොළඹින් ගත් සාම්පල 25 කින් 14ක් සැක සහිතයි කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 25ක සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 13 July 2021
කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට ලිපියක් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරුල්ල අගරදගුරු මැදුරේ අද පැවසූහ. 13 July 2021
නිවෙස්වලින් රන් බඩු සොරාගත් 7 ක් යාපනයේදී මාට්ටු යාපනයේ නිවෙස්වලට ඇතුලු වී රන්භාණ්ඩ සොරකමේ නිරත 7 දෙනෙකුගෙන් යුතු කල්ලියක් රුපියල් 985,000 ක මුදලක්ද සමග අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි. 13 July 2021
‘‘එන්නත් මිශ්‍ර කිරීම අනතුරු දායකයි‘‘ විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඉකුත් දා (12) පැවැසුවා ය. 13 July 2021
නිධන් ගන්න ගිය පහක් බඩුත් එක්ක මාට්ටු හිඟුරක්ගොඩ - මැදිරිගිරිය මාර්ගයේ හිඟුරක්ගොඩ සී.අයි.සී ගොවිපලට අයත් ලඳු කැලෑ ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5 හිඟුරක්ගොඩ පොලිසිය විසින් පසුගිය 12 දින අත්අඩංගුවට ගෙන ඇත. 13 July 2021
පොලිසිය බොරු පිස්සාගේ රැඟුම් අවසන් කරයි පිස්සකු බව පෙන්වමින් කාන්තා ඇඳමක් ඇද කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයකු , කේරල ගංජා මිලිග්‍රෑම් 7000 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි . 13 July 2021
කුඩා ව්‍යාපාර දියුණු කරන්න ඇමෙරිකාවෙන් අත ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකාවේ තානාපති කාර්යාලය කියා සිටී. 13 July 2021
අලුතින් හදන ගොඩනැගිල්ල ගිලා බසියි මහනුවර - කුරුණෑගල මාර්ගයේ යටියාවල සෙනරත්ගම මාර්ගය ආසන්නයේ ඉදිකරමින් පැවැති තෙමල් ගොඩනැඟිල්ලක් ගිලා බැසීමෙන් එම ගොඩනැගිල් විනාශ වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 13 July 2021
15 හැවිරිදි දැරිය අපයෝජනය කළැයි කියන ව්‍යාපාරිකයා රිමාන්ඩ් අන්තර්ජාලයෙ පළවූ දැන්වීමක් මාර්ගයෙන් බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙද වූයේ යැයි ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (13) නියෝග කළාය . 13 July 2021
කතරගම පෙරහරේ පස් වන පෙරහර හෙට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 05 වැනි පෙරහැර මංගල්‍ය හෙට රාත්‍රි 7.23ට කඳ කුමරුන් වැඩමවා ගෙන වීදි සංචාරය කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගූණසේකර මහතා පවසයි. 13 July 2021
කුරියර් හරහා කොළඹින් කුඩු යැවු ‘කුඩු නෝනි‘ පොලිස් දැලේ කුරියර් සේවාවක් හරහා ත්‍යාග පාර්සල් යවන මුවාවෙන් කොළඹ සිට මත්කුඩු පාර්සල් යැවූ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය. 13 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026