(යොහාන් භාසුර සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව අද (31) පෙරවරුවේ නැවත ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
තුන්වන ජනන යන්ත්‍රය පසුගිය දෙසැම්බර් 23 දින බිද වැටිමත් සමග විදුලිය නිෂ්පාදනය ඇන හිටියේය.
මාසයකට කාලයක් විදුලිය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර වූ අතර මෙම ජනන යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය අද සිට යළි ආරම්භ කර ඇති අතර මෙගාවට් 200 කට ආසන්න ධාරිතාවකි එමගින් ජාතික විදුලි පද්දතියට එක්කරන බව ද එහි උසස් නිළධාරියෙක් පැවැසීය.
ලක්විජය බලාගාරයේ ඉහල නිළධාරියකු පවසා සිටියේ 31 සවස් වන විට මෙගාවට් 300 ක ධාරිතාවයට යාමට හැකි බවයි.
ඒ සමගම මේ වන විට ලක්විජය බලාගාරයේ පලමු හා දෙවන අධියරවල විදුලිය නිෂ්පාදනය සිදුවන අතර එයින් මෙගාවට් 600 ක් ජාතික පද්ධතියට මුදාහරින බව ද එම නිලධාරීයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර සූර්යාලොකය තියෙන රටක, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ගෙවල්වල වහලවලට වැටෙන ආලෝකයෙන් සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්න පුළුවන්... නමුත් ඒකට කිසිම සහනයක් නැහැ. ලොකු මුදලක් යට කරන්න වෙනකොට, මිනිස්සුන්ට ඒකට සහනයක් දෙන්න ඕනෑ. මොකද ඒකෙන් රජයට තෙල් වලට යන ලොකු මුදලක් ඉතුරුවෙන නිසා... නමුත් ඒවා ඔක්කොම නවත්තලා මහ බැංකුවෙන්...!
චීනගේ කුණු බඩු අරගෙන ලොකු පගාවලට, දැන් චීනාට රට සින්නවෙලා...