(නිමල කොඩිතුවක්කු සහ මහින්ද නිශ්ශංක)

දුම්රිය නියාමකවරුන් 29 කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද(31) දිනයේ අවලංගු කර ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) ඒ. ඩී ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ක්ද අවලංගු කළ බව ඔහු කීවේය.

මරදාන දුම්රිය අංගනයට අනුයුක්තව සේවය කරන දුම්රිය නියාමකවරුන් 17 දෙනෙකුට කොරෝනා වසංරැගතය ආසාදනය වී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයිද සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.