
(යොහාන් භාසුර)
පොල් ගෙඩියක් රුපියල් 75 ක ස්ථාවර මිලකට මෙම වසර පුරා ලංකා සතොස අළෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (31) පැවසීය.
නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ව්‍යාපෘතිය පළමුවෙන් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොල් මිල පහළ යාමට සාපේක්ෂ්ව ලංකා සතොස හරහා අළෙවි කරන පොල්වල මිල අඩු කරන අතරම වෙළෙඳපොලේ පොල් මිල ඉහළ ගිය ද, රුපියල් 75 ක ස්ථාවර මිලකට පොල් අළෙවි කිරීමට ලංකා සතොස කටයුතු කරන බව ද සඳහන් කළේය.
වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්වලට පවතින ඉල්ලුමට සාපේක්ෂ්ව නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පුරෝකථනයන්ට අනුව පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් හරහා ඩොලර් බිලියනයකට අධික අපනයන ආදායමක් ලබාගැනීමටත් දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම සැපයීමට අවශ්‍ය නිෂ්පාදනයන් වෙළෙඳපොලට නිකුත් කිරීමට සැළසුම් කර ඇති බවත්ය.
මෙරට පොල් මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයා වෙත අවම මිලකට පොල් ලබාදීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ පොල් පර්යේෂණ ආයතනය, වෙළෙඳ අමාත්‍යාංශය සහ ලංකා සතොස සමඟ අද (31) ගිවිසුමකට අස්සන් තැබීය.
මෙහිදී ලංකා සතොස ආයතනය වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ පොල් පර්යේෂණ ආයතනය වෙනුවෙන් එහි සභාපති සාරංග අලහප්පෙරුම යන මහත්වරු අදාල ගිවිසුමට අස්සන් තැබූහ.
ඡායාරූපය:
ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ පොල් පර්යේෂණ ආයතනයේ සභාපති සාරංග අලහප්පෙරුම යන මහත්වරු ගිවිසුමට අස්සන් තැබූ අවස්ථාව.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු ද පසු පසින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගිය කාලේ දේවාල ගාණෙයි, කෝවිල් ගාණෙයි ගිහිල්ලා ගහපුවද? නැතිනම් ආයේ බැංකොක් යන්න හිතිලද?
ඔන්න මෙයා පොල් වගාවටත් අරින්නයි යන්නේ... පොල්වලට දාන්න පොහොරක් නැහැ.. ඒක කමක් නැහැ කියමුකෝ... වත්තක තණකොළ කපන්න ඕනෑ... මනුස්සයෙක්ට අඩුම 1500ක් දෙන්න ඕනෑ.. දවසකට අපි මැෂින් එකයි, තෙලුයි දීලා.... පෙට්‍රල්වල ගාන වැඩිවුණා. ඊට පස්සේ ඩීසල්වල ගාන වැඩිවුණා. ට්‍රැක්ටරේ ඉඳලා කුලිය වැඩිවෙලා තියෙන්නේ... ඊට පස්සේ ගස්වලට වතුර දාන්න වෙන්නේ.. ඒත් මොකක් හරි පොසිල ඉන්ධනයක් භාවිතා කරලා... එතැනත් මිල වැඩිවෙලා. ඔය ඔක්කොමත් අමතක කරමුකෝ... පොල් වත්තක් තියෙන මිනිහ ඒ වගාව කරලා ජීවත් වෙන්න අවශ්‍ය බඩුවක් ගන්න ගියාම ඔක්කොම ගණන්... පොල් ගෙඩිය විතරක් ගාන අඩුයි.. කොහොමද ටිකිරි මොලේ...?
කොයි වළල්ලෙන් මැනපුවද 75ට දෙන්නේ...?