(නිමල කොඩිතුවක්කු)

මේ ආණ්ඩුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති නූල කැඩිච්ච සරුංගලය වගේ එහෙට මෙහෙට පාවෙන අයාලේ යන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඉදිරි අවුරුදු තුන හොඳට කරනවා කියා ජනාධිපතිවරයා පැවසුවත් එතුමන්ට අවුරුදු තුනක සැලැස්මක් තියා මාස තුනක සැලැස්මක් වත් නෙැමැති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සැලැස්මක් නැතුව මේ රට බාර ගෙන රට විනාශ මුඛයට ගෙන ගොස් ඇති බවත් තවදුරටත් බොරු බේගල් ඇදබා ජනතාව රවට්ටනවා වෙනුවට ඉදිරි අවුරුදු තුනක සැලැස්ම ඉදිරිපත් කරන්න කියා අභියෝග කරන බවත් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වමින් ඔහු මේ බව පැවසීය.