(බී.ජී චතුරංග)

අනුරාධපුර නගරයේ පැවැති අමතර පන්තියකට සහභාගී වි සිටි සිසුවියක විවේක  කාලයේ දී,  කුබිච්චන්කුලම වැව අසලට ගොස් සෙල්ෆි ඡායාරූප ගනිද්දී අය ගෙල බැඳි  රන් මාලය කඩා ගෙන යද්දී ඇයේ යෙහෙළිය එම සොරා සමග පොරබදා ඇති අතර ඒ අවස්ථාවේ කොල්ලකරුගේ ජංගම දුරකතනය වැටි තිබියෙදී සොයාගෙන ඇත.  

ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පැමිණි උසස් පෙළ සිසුවියක  ගෙල බැඳි රුපියල් 70,000ක් පමණ රන් මාලය කඩා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

යෙහෙළියගේ රන් මාලය කඩා ගෙන දිව යද්දී, ඇගේ මිතුරිය දිව ගොස් එම සොරා සමග පොර බැඳීමේ දී එම සොරාගේ ජංගම දුරකථනය බිම වැටී තිබී හමුවූ ඇති බවත්, පොලිසිය සඳහන් කළේය.

පොලීසියට ලැබුණු ජංගම දුරකතනය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.