
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
දුම්රිය නියාමකවරුන්ගේ හිගය හේතුවෙන් දිගින් දිගටම සිදුවන දුම්රිය ගමන්වාර අවලංගු වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි(ගමනා ගමන)ඒ. ඩී ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව මේවනවිටත් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත් ඔහු පැවසීය.
නියාමකවරුන්ගේ හිගය හේතුවෙන් දිගින් දිගටම දුම්රිය ගමන්වාර අවලංගු වූ අතර අද (31) දිනයේත් ගමන්වාර 14 ක් අවංගු කරනු ලැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන්නේ විශාල බොරුවක්.. අනවශ්‍ය සේවා වාරවලට නියාමකයින් යොදනවා. දුම්රිය 240යි... අවශ්‍ය පැය ගණන දිනකට නියාමක පැය 1500 යි.. මේක අටෙන් බෙදුවාම 200 යි.. මේවගේ තුන් ගුනයක් ඉන්නවා. එයින් තුනෙන් එකක් හිඟවුණත් 400 ක් ඉන්නවා. නියම කළමනාකරණයක් කරන්න ප්‍රවාහන බලධාරීන්ට බැරිව ගොස් තිබෙනවා. කෝච්චි බොහෝමයක් පැය දෙකක කාලයක් ගත කරන්නේ. දුර ගමන් ඉතා අඩුයි. 65 ට අඩු අය ආපසු ගෙන්වන්න ඔවුන්ට විශ්‍රාම වැටුප් රහිතව සේවයේ යොදවන්න... මේ සේවකයින් හා බලධාරින්ගේ කුමන්ත්‍රණයක්.. කඩා වැටෙන දුම්රිය සේවය ඉක්මණින් වලපල්ලට යවන්න මොවුන් උත්සාහ කරනවා...