(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදු කළ බව කියන "මන්න මලින්ද"නමැත්තා අත්බෝම්බයක් සමග හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

සැකකරු එම පුද්ගලයන්ට පහර දීමට යොදා ගත් තියුණු ආයුධය ද පොලිසිය බාරයට ගෙන ඇත

2021 ඔක්තෝබර් 24 වැනි දින හෝමාගම පිටිපනදී පුද්ගලයන් සිවුදෙනකු සිව් දෙනකු කපාකොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්න මලින්ද නැමැත්තා ප්‍රදේශය හැර පලා ගොස් සැඟවී සිටි බව පොලිසිය කියයි

සැකකරු නිවසට පැමිණ සිටි බව ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත