(සුජිත් හේවාජුලිගේ)

බූස්ටර් එන්නත් මාත්‍රාව හැකි ඉක්මනින්ම ලබාගන්නැයි සියලු ජනතාවට නැවත වතාවක් ආයාචනා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත අවශ්‍ය ප්‍රමාණයට ගෙනැවිත් ඇතැයිද ඔහු සඳහන් කළේ‍ය.

වයස 20 ට වැඩි ඕනෑම පුද්ගලයකුට තෙවෙනි මාත්‍රාව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගොස්   ලබා ගත හැකි බව සඳහන් කරන  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  කොවිඩ්  මරණ වැලැක්වීම සහ  සංකූලතා අඩු කිරීමට  ඇති එකම විකල්පය තෙවෙනි මාත්‍රාව බවද  පැවසුවේය.