(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන පෙරවාරි මස 7 වැනිදා සිට මාර්තු මස 5 වැනිදා දක්වා කාලසීමාවේදී විදුලි කප්පාදුව නොකරන ලෙස විදුලිබල මණ්ඩලය ඇතුළු වගකිය යුතු ආයතනවලට දැනුම්දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

විදුලි කප්පාදු කළ හොත් විභාගයට පෙනී සිටින දරුවන්ට මුහුණ දීමට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් එම ඉල්ලීම කර තිබේ.