
(යොහාන් භාසුර)
ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු අධි අවධානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්ක මෙසේ අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති බවත් මෙම ජනවාරී මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7000 ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.
මෙම මස වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කීයන ජාතික ඩෙංගු මර්දන ඒකකය ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු රටින් තුරන් කරනවා කියලා අගමැතිතුමා 2020දී පටන් ගන්න හිටිය විලොපීය මදුරු කීට වැඩසටහනට මොකද වුනේ...? කවුරුවත් මේ ගැන අහන්නේවත් නැහැ දැන්...?
අපේ රටේ දැනට කැපී පෙනෙන වැඩක් කරලා ඇත්නම් ඒ අපේ හමුදාවයි. ඒ නිසා ඩෙංගු යුද්ධයත් හමුදාවටම බාර දෙන්න...