(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන කිසිවක් සතොසේ මිලට ගන්නට නැතැයි පවසා ඇත.
සැර පරුෂ වචනයෙන් බැන වැදුනු කාන්තාව, බෝරුවට එනවා බලන්න. හාල් තියෙනවාද ? කියන දේවල් කරන වාද ? මිනිස්සුන්ට කන්නවත් නැහැ කියා එම කාන්තාව බැන වැදුනාය.
එම අවස්ථාවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රටේ මේ වැනි වතාවරණයක් තියෙද්දි මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න කියා අමාත්‍යවරයා සතොස සංකිර්ණයෙන් වහා පිටව ගියේය.
බන්දුල ගුණවර්ධන කතරගම කටගමුවේ සංචාරක නිවාඩු නිකේතනයක් වීවෘත කිරීමට පැමිණ ඇති අතර ඉන් අනතුරුව කතරගම සතෝස ගැන සොයා බැලීමට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ගොනාට ඇන්දුවාට ඔහොම කියලා මදි. මහා ලොකු ආර්තික ඔස්තාර් ?
මදැයි ගුටි නොකා බේරුණා... ඊළඟට කන්නේ ගොවි ඇමැතියා...!
ඔය කතාව අහගන්න ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන්න ඕනෙද? නියම ජනතා අදහස් ලබාගන්න පුළුවන් සහ විසඳුම් සොයන්න පාරට බැහැලා ඇවිදින්න ඕනේ.. රූපවාහිනී තිර ඉස්සරහ කෑ ගැහුවට වැඩක් නෑ.
"රටේ මේ වැනි වතාවරණයක් තියෙද්දි මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න කියා" දැන් මහජනතාවද ඔය තත්වේ හැදුවේ? රටේ සල්ලි කාබාසිනියා කරලා දැන් එනවා සුදනෝ වෙන්න.
ඒ වීරෝදාර මාතාවට අපගේ හදපිරි මෙව්වා එක...!
මේක ඇබැද්දියක් නෙමේ. මහජනයා විසින් ජාතිය වෙනුවෙන් කළයුතු වගකීමක්... මෙහෙම නොකීවොත් මේ ගොල්ලන් හිතනවා ලංකාවේ ඉන්නේ පොල් බුරුවෝ විතරක් නෙමේ..., කතා කරන්න කොන්දවත් පණ නැති අය කියලා. ඇය නිර්භීත කාන්තාවක්...
ඇත්ද අහගත්තා. දැන්වත් දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියන්නේ නැතුව ඉන්නවාද?
මිනිස්සුන්ගේ කටහඬ ඇහෙනවද?
කොන්ද පණ තියෙන මේ කාන්තාවට අපේ ආචාරය පුදමු. රටේ හැම ඇමැතිවරයෙකුටම සලකන්න ඕනේ මෙහෙම තමයි... රටට සිදුකළ නස්පැත්තියට. මේ වාතාවරණය නිර්මාණය කළේත්, එයට වගකිව යුතුත් මේ රජයම තමයි.
කුස්සියේ තියෙන කරදර පේන්නේ කානිතාවන්ට, ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට දෙන්න දැන්වත් වැඩ පිළිවෙළක් හදන්න. නැතිනම් ඡන්දෙ ඉල්ලන්න ආපසු ගම්වලට එන්න නම් බැරිවෙයි.
අප නම් තරයේ විශ්වාස කරන්නේ මන්ද බුද්ධිකයින් 226 ම " මිරිවැඩි සඟලින්" සංග්‍රහ කළයුතු කාලය හොඳටම ළඟාවී ඇතිබවයි. එබැවින් "එකෙකුට විතරක් නොව, දුටු තැන මේ 226 ටම" සැලකීම රටට අවංකව ආදරය කරන පුරවැසියන්ගේ පරම යුතුකමකි...
සැබෑ දිරිය කාන්තාවක්. ඇයි අපි හැමෝටම මේ වාගේ ඉන්න බැරි..? එදාට ඔය අමන දේශපාලුවන්ගේ අවසානය දැකගත හැක...
එනපොට හොඳ නැහැ... කෙල්ල ගෙට ගනින්... බොරු පුරසාරම් දෙඩුව කාලේ ඉවරයි කියලා කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි.
බන්දුල ගුණවර්ධන මහතාගේ කතා වල සත්‍යය කුමක්දැයි දන්නෝ දනිති.
නියමයි. අනිත් ප්‍රදේශවල අයත් ඔය විදියට කලා නම් මරු.
අපොයි ඔව්... ඔය ආර්ථික ඔස්තාර්ලා දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්න පුළුවන්.. ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ මේ අයගේ හොරකම් නිසා මිසක්වෙන මොන කෙහෙල්මලක්වත් නිසා නෙවෙයි. ඇති ගුටි නොකා බේරිලා ගියා. දෙන්න තිබුණේ සෙරෙප්පු පාරක්...!
පච ඇමැතියා ගුටි නොකා ආවා ඇති. ඔහොම යනකොට... තව ඉස්සරහට හොඳට හම්බවෙයි...
මම එතන හිටියා නම් ඔය කියන සතොසේ අතුගාන්න තියෙන "කොස්සෙන්" දෙක තුනක් පතබාලා, මදි නොකියන්න ගුටි සංග්‍රහයක් දෙනවා. බලමු මිනිහා අපේ පැත්තෙත් එන්නේ නැතැයි. හම ගහනවා....
දේශපාලනයේ හොඳකම තමයි..
ශා.. එඩිතර කාන්තාවක්. තවතවත් ශක්තිය, ධෛර්යය ලැබේවා.
හූ කියලා නැද්ද? මේ දේශපාලුවන්ගේ අවසන් කාලයයි... ජනතාව දේශපාලකයින් තුරන් කරන කාලය වැඩි ඈතක නොවේ...
චාන්දනී නෝනේ පතබාන්න නොවෙයි තියෙන්නේ... බොරු බේගල් ඇදබානවට කට තලන්න..
අපරාදෙ ගොවියට අමුඩයක් අන්දලා හාල් හොයන්න ළඟ තියෙන කුඹුරකට බස්සන්න තිබ්බේ...!
පවු, දුප්පතා... පඩියකුත් නොගෙන මහජන සේවයටම කැපවෙලා ඉන්නේ. ඕනෑනම් වැඩිම වුණොත් හදිස්සියට සුදු ළූණු බිකක් ගෙදර අරගෙන යයි.
මෙයාටත් විතරක් නෙවෙයි.., ආණ්ඩුවේ ඉන්න හැමෝටම කුණු බිත්තර වදින කාලය වැඩි ඈතක නෑ...
හොඳ වැඩේ වුණේ...!
මේ හැම ව්යවසනයේම නිර්මාණකරු වන පුස් වීරයා හැමතැනම හැංගිලා ඉන්නවා. අද වෙනකම් එක සාකච්ඡාවකට ආවාද? හමුදාව දාගෙන හැංගිලා මෝඩ තීරණ ගිනිමින් ඉන්නවා. මෙහෙමත් මෝඩ බයගුල්ලෙක්...
"මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න" අනේ රෙද්දකුත් ඇඳගෙනද ඔහොම කියන්නේ? ටිකක් හරි උගත්කමක් තිබුණා කියලා හිතාගෙන හිටිය මිනිහෙක් විහින් කරගත්තු දෙයක්... මෙයාගෙයි, අර තුම්මුල්ලේ කට කාරයාගෙයි ඇති කිසිම වෙනසක් නෑ...
දුන්බලය අතට ගත් බන්දුලයා පිස්සු කරනවා.
කොන්ද පණ තියෙන මේ කාන්තාවට අපේ ආචාරය පුදමු...