(සුජිත් හේවාජුලිගේ)

බූස්ටර්  එන්නත ලබාදීමේ ජංගම සේවයක් ඉදිරි සතියේදී අරඹන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් මෑතක  සිට දක්නට ලැබෙන හෙයින් ජනතාව පරිස්සම් විය යුතු බවද  හෙතෙම සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් මේ ජංගම එන්නත්කරණ කටයුතු සඳහා යොදා ගැනේ.

කොවිඩ්  පැතිරීම වැළැක්වීම සඳහා  බූස්ටර්  එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවත්  වහාම එම එන්නත ලබා ගන්නැයි  සියලු ජනතාවගෙන්  තමා ඉල්ලීමක් කරන බවත් යුද හමුදාපතිවරයා කීවේය.

බූස්ටරය පිළිබඳ  මිත්‍යා මතවලට නොරැවටෙන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත යුද හමුදාව එන්නත්කරණ මධ්‍යස්ථාන පසුගිය කාලයේ සාර්ථකව ක්‍රියාත්මක කළ බවද ශවේන්ද්‍ර  සිල්වා මහතා පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේ දියතලාවේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.