
(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් පැතිරීමක් පැවතියත් අපොස උසස් පෙළ විභාගය කල්තැබීමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය .
උසස් පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කිසිදු ගැටලුවකින් තොරව පැවැත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.
විභාගය තවදුරටත් කල් ගියහොත් දරුවන් අවපීඩන තත්වයන්ට ලක්වී මානසික රෝගීන් බවට පත්විය හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ලෝකයේ කිසිදු රටක් විභාග කල් දමා නැතැයිද ප්‍රකාශ කළේය.
දරුවන්ගේ අනාගතය ගැන සිතා ඔවුන් ඉදිරියටම මෙහෙයවිය යුතු බවත් කොවිඩ් ප්‍රශ්නය තිබෙන තුරු එය කළමනාකරණය කර ගනිමින් ජීවත්වීමට සිදුවන බවත් දීපාල් පෙරේරා මහතා කීවේය.
දරුවන් අධ්‍යාපන කටයුතුවලට යොමු කරන අතරේ ඔවුනට කොවිඩ් මර්දන එන්නත ලබාදීම වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විභාගද ලබන සතියේ පැවැත්වෙන බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd