(ප්‍රියන්ත දසනායක, සුජීව සමරක්කොඩි සහ අජිත් ලංකාතිලක)
භාණ්ඩ මිළදී ගන්නා මුවාවෙන් පැමිණ ව්‍යාපාරිකයන් රවටා ඉතුරු මුදල් වංචා කරන ජාවාරමක් සිදු කළ බව කියන පකිස්තානුවන් හතරක් ක් එසේ වංචා කළ මුදල් හා බඩු තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.
මෙසේ මොවූහු රට පුරා ගොස් වංචා කළ බව කියන රුපියල් ලක්ෂ දෙකකට අධික මුදල් ද සුවද විලවුන්, පාවහන්, සමහන්, ඇතුළු විවිධ ආහාර පාන තොගයක් සොයා ගෙන ඇත.
මේ සොරකම් සදහා භාවිතයට ගත් නවීන වර්ගයේ මෝටර්රථය අකුරැස්ස නගරයේදී පොලිස් බාරයට ගත් බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
ජනවාරි මස 13 දින ලංකාවට පැමිණි මෙම කණ්ඩායමට මාර්තු මස 18 දක්වා ලංකාවේ රැදී සිටීමට වීසා ලබාගෙන ඇත.
මෝටර් රථ කුලියට දෙන ස්ථානයකින් මසකට රුපියල් ලක්ෂයක් ගෙවීමට එකග වී රු. මුලින් 50,000 ක් ගෙවා මෝටර් රථය ලබා ගෙන ජාවාරම කර ගෙන ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
අකුරැස්ස නගරයේ ප්‍රසිද්ධ තොග ව්‍යාපාරයකු වෙත පැමිණ රු. 5000 ක් ලබා දී භාණ්ඩයක් මිළදී ගෙන ඉතුරු මුදල් ලබා දී ඇත. පසුව තවත් භාණ්ඩ ලබා ගෙන යළිත් වරක් ඉතුරු මුදල් ඉල්ලා ඇති අතර ඔවුන් ගැන සැකසිතූ මෙම ව්‍යාපාරිකයා වහාම පොලීසියට දැනුම් දී ඇත.
මෙම හතර දෙනා එක් නගරක ස්ථාන 4 ට ගොස් සොරකම සිදු කර වහාම වෙනත් නගරයකට පළායාම නිසා වංචාව දිගටම පොලිස් ඇසින් බේරී කර ගෙන යාමට හැකි වී ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
මේ වංචාව සම්බන්ධයෙන් පැමිණිලි ඇත්තේ නම් ළගම පොලිස් ස්ථානය දන්වන ලෙස ඉල්ලා සිටන ස්ථානාධිපතිවරයා දැනටමත් එවැනි පැමිණිලි 3 ක් බද්දේගම පොලීසියට ලැබී ඇති බවත් කියයි.
කෙසේ වෙතත් සැකකාර පකිස්තානුවෝ 4 දෙනා අත්අඩංගුවට මෝටර් රථය භාණ්ඩ හා මුදල් තොගයද සමග අධිකරණය වෙත ඊයේ 31 දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ දාන්නවත්, දඩ ගහන්නවත්, ඇප දෙන්නවත් එපා... දවසක් ඌරු කොටුවකට ගාල්කරලා තියන්න.
ශ්‍රී ලාංකික කාන්තාවන් හා විවාහ වී හෝ එකට ජීවත් වෙන පාකිස්තානුවන්, ඇෆ්ගන් හා බංගලිදේශ ජාතිකයින් සෑහෙන පිරිසක් මේ රටේ ඇත. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ඩිජිටල් හැඳුනුම්පතක් නොමැති නිසා මේ බොහෝ දෙනා ශ්‍රී ලාංකික හැඳුනුම්පත ද ලබාගෙන ඇත.