අයි එම් එෆ් ලංකාව ගැන නිවේදනයක් නිකුත් කරයි ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින මුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (10) නිවේදනය කර තිබේ. 11 May 2022
දිනේෂ්ගේ ගෙදරටත් පහරදෙයි හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ කොළඹ පිහිටි නිවසටද කිසියම් පිරිසක් පහරදී අලාභහානි කර ඇතැයි වාර්තාවේ. 11 May 2022
ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක් මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. 11 May 2022
අර්බුදයට විසැඳුම් සුමන්දිරන් කියයි වහාම අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්කර ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා පැවසීය. 11 May 2022
ජාජබ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරයි වත්මන් ජනාධිපති ඉල්ලා අස්වන්නේ නම් රටේ වගකීම බාරගන්න අපි සුදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි. 11 May 2022
‘පරිගණක ගිනි අරන්: සූම් රැස්වීමට එන්න වෙන්නෑ‘ තමන්ගේ පරිගණක සහ ලැප්ටොප් පරිගණක ගිනිගෙන විනාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සූම් රැස්වීමට සහභාගීවීමට නොහැකි බව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු කතානායකවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 11 May 2022
‘මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න‘ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලීමක් කළේය. 11 May 2022
‘ජනපති ඉවත් වෙනවානම් වගකීම බාරගන්නා බව සජබ කියයි‘ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආන්ඩුවේ වගකීම භාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 11 May 2022
පරිසර ඇමැතිගේ නිවසත් ගිනිබත් වෙයි පරිසර ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා පදංචි එරාවූර් පිහිටි නිවසට අද (11) කඩා වැදුණු පිරිසක් නිවසට ගිනි තබා විනාශ කර ඇතැයි එරාවූර් පොලීසිය කියයි. 11 May 2022
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬයි? ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර ශ්‍රී ලංකාව පුරා මරණ, රෝහල් ගත කිරීම් සහ නිවාස ගිනි තැබීම් වාර්තා වන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසීලන්ත රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. 11 May 2022
පක්ෂ නායක රැස්වීම සූම් තාක්ෂණයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද සවස 3.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. 11 May 2022
වටරැක රැඳවියන් ගාලුමුවදොර ආවාදැයි විමර්ෂණයක් ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහභාගි කරවූ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ෂණයක් ආරම්භ කරන බව එම කොමිසමේ නිලධාරියෙක් අද (11) පැවසීය. 11 May 2022
ගාලුමුවදොර ප්‍රහාරය ගැන ප්‍රකාශ ගනී අරලිගහ මන්දියර සහ ගාලුමුවදොර ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා, අරලියගහ මන්දිරයේ උත්සවයේ සම්බන්ධීකාරක සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2022
සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2021) යොදාගත් පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (11) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 11 May 2022
චීන ජනාධිපති අසනීපෙන් චීන ජනාධිපති ෂී ජින්පින්, මොළයේ රුධිර නාළ ඉදිමීමේ ’මස්තිෂ්ක ධමනි ප්‍රදාහය’ හෙවත් සරේබ්රල් ඇනියුරිසම් නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 May 2022
පාර්ලිමේන්තුව කැඳවීම මන්ත්‍රී ආරක්ෂාව තහවුරු කළ පසු පාර්ලිමේන්තු රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. 11 May 2022
ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා ප්‍රදේශ ගණනාවක නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු නියෝජිතයන් 28 දෙනකුට අයත් නිවාස සහ දේපළවලට කලහකාරී පිරිස් විසින් පහරදී හානිකරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි. 11 May 2022
මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයි ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත. 11 May 2022
හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (11) පැය 3 යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදු කරන බව විදුලි බල මණ්ඩලය පැවසීය. 10 May 2022
මීගමුව කළබලයකින් 4ක් රෝහලට මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයට අද 10සවස කඩා වැදුනු මැර කල්ලියක් ප්‍රදේශවාසීන්ට තියුණු අවි ප්‍රහාර එල්ල කර විවිධ වාහන පහළොවකට පමණ ගිනි තබා විනාශ කර ඇතැයි කටාන පොලිසිය කියයි. 10 May 2022
ඇඳිරි නීතිය 12 දක්වා දීර්ඝ කරයි සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (10) රාත්‍රී නිවේදනය කළේය. 10 May 2022
අරගලය මැද්දේ ජර්මන් ජාතික යුවලගේ නිවස කොල්ලකයි ජර්මන් ජාතික පවුලක් ජීවත් වූ මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (09) කිසියම් පිරිසක් විසින් කොල්ල කා ගිනි තබනු ලැබ ඇතැයි වාර්තා වෙයි. 10 May 2022
මුල්ලේරියාවේ පොලිස් වෙඩි පහරින් අයෙක් තුවාලයි මුල්ලේරියාව අංගොඩ හංදියේ දී අද (10) පස්වරුවේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථයට පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිස් පලවා හැරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 10 May 2022
ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්න ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලූ ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 10 May 2022
දේශබන්දුට පහර දුන්නැයි දෙකක් අල්ලයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (10) පස්වරුවේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 10 May 2022
රත්ගම ප්‍රා.සභා සභාපතිගේ නිවස ළග වෙඩි තැබීමක් රත්ගම ප්‍රාදේශිය සභාපතිගේ රත්ගම නිවසේ මිට ස්වල්ප වේලාවකට පසුව සිදුවූ වෙඩි තැබිමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකල බව රත්ගම පොලිසිය කියයි. 10 May 2022
බුද්ධිමතකු අගමැතිධූරයේ පිහිටුවන්න පවත්නා නොසන්සුන්කාරී වාතාවරණයට විසඳුමක් සොයාගැනීමට නම් පොදුවේ ගෞරවයට පාත්‍ර වූ, දේශපාලන පළපුරුද්ද ඇති බුද්ධිමතකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත්කරවාගෙන අගමැතිධූරයේ පිහිටුවීම වහා කළ යුත්තක් බව තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහ නා හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විවෘත සංදේශයක් යොමු කරමින් සඳහන් කර තිබේ. 10 May 2022
මහජන දේපල කොල්ලකන්නන්ට වෙඩි තැබීමට හමුදාවට බලය දෙයි පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට අද (10) පස්වරුවේ නියෝග කර තිබේ. 10 May 2022
ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළයි ඉතා දීර්ඝ කාලයක් වාර්සිකව ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය සිදුකරන තංගල්ල නගරයේ මහවෙල පාරේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව මීට ටික වේලාවකට පෙර පෙරලා කඩා බිද දමා ඇත. 10 May 2022
මහිපාලගේ ගොවිපොළෙන් යූරියා මිටි 400 මතු වෙයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි අක්කර 50 කින් සමන්විත ගොවිපොළේ ගබඩාවකවක යූරියා පෝර මිටි 400 ආසන්න පමණ ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන් බාරයට ගෙන ඇත. 10 May 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026