
(අංජුල මහික වීරරත්න)
ඉඩම් හා නිවාස අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ ලාංකිකයන්ට එම අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ “සැමට හිමි බිමක්” වැඩසටහන කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (24)ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මෙි බව කීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මෙහෙයවනු ලබයි.
වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති සියලු පුද්ගලයන් හට ඉඩම් අයිතිය ලබාදීමේ පළමු පියවර "හිමි බිම" ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බවයි.
උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලදී ද අද සිදු කෙරිණි.
හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවැති මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන ඡන්දෙන් දිනන්න මාර ගැම්මකින් වැඩකරනවා නේද? ඒත් කෝ අර ආර්ථිකේ හදනවා කියපු වැඩේ තාම එතැනමනේ...?
ඕවා තමයි මෙයාට කරන්න පුළුවන් වැඩ... (මොකද අතින් පයින් යන්නේ නැහැනේ...) ඉඩන්දෙනවා, චුවින්ගම් දෙනවා, බ්‍රේස්ලට් දෙනවා, ටැබ් දෙනවා. හැබැයි ආවේ නම් මිනිසුන්ට කන්න බොන්න ගෑස් ටික, තෙල් ටික නොඅඩුව ගෙනත් දෙනවා කියලා..!
හරීන්, මනූෂ එකතු කරගෙන ලබන ඡන්දය සඳහා වැඩ කරගන්නවා එක පැත්තකින් සහ රාජපක්ෂලා රකිනවා අනෙක් පැත්තෙන්. ඒ වැඩ මිසක්, හදන ආර්ථිකයක් නෑ...!
වැඩේ වරදක් නැහැ. ඒත් හරියට කිරි අප්පගේ බූදලේ වගේ බෙදන හැටි...?
අදහස් එවන්න... කරුණාකර බැහැලා යන්න මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව. රට කාලා දැන් රටේ ඉඩම් බෙදනවා.
ආර්ථිකය හදන එක නවත්වලා ඊළඟ ඡන්දයට වැඩකරනවා...!
ගෑස් නැති කාලේ ඔප්පු දෙන්නේ ලිප මොලවා ගන්නද?
මොනවද මේ කරන්නේ?
ඉඩම් දුන්නාට කමක් නැහැ... කැලෑ එළි කරන්න එපා… රක්ෂිත අරක්ෂා කරන්න.
දෙන්න දෙයක් නැතිවුණාම රට පාවලා දෙනවා කියන්නේ මේවට නේද? හොරයි, බොරුකාරයයි දෙන්නම දැන් එක්කෙනෙක් වෙලා...!
මෙයාගේ පාලන කාලේ කරපු පාවාදීම් ඉතිහාසගත වෙලා. ජනතාව පැත්තේ නෙවෙයි, අද සිට ගත්තේ නෝර්වේ පැත්තේ...!
ඔයාලගේ ගැටවලට අපි ආයේ අහුවෙන්නේ නැහැ..! හැබැයි ඔය තුන් කට්ටුවට ඊළඟ ඡන්දෙන් පස්සේ ආයේ පාර්ලිමේන්තුව බලන්න වෙන්නේ හීනෙන් විතරයි...!
යහපාලන සමයේ ගයන්ත ඉඩම් ඔප්පු දුන්නා. මේ ආණ්ඩුව ජනාධිපති/ අගමැති නැවත ඔප්පු දුන්නා. දැන් ආපහු රනිල් පටන් අරන්. මේ කෙරුවාව ඉවර වෙන්නේ කවද්ද?. එකම ඔප්පු නැවත නැවත දෙනවාද දන්නේ නැහැ...
මගේ ඉඩමට හිමි බලපත්‍රය සඳහා ඔප්පුව සෑදීමට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී දැනට වසර 14කි. තවමත් ඔප්පුව ලැබුණේ නැත.. තවත් මොන ඔප්පුද?
පුද්ගලික ඉඩම්වලත් දෙනවද?
පුද්ගලික ඉඩම්වලටත් ඒථිර පදිංචි, එහෙත් ඔප්පු රහිත ඉඩම්වලටත් ඔප්පු දෙනවද?
ගම්මිරිස් හොයාගෙන හිස් අතින් මෙරටට පැමිණි හම්බ මිනිසුන්ට ඉඩම් ඔප්පු ලැබුනේ කොහොමද?..!
ස්වර්ණ භුමි, ජයභූමි යන ඔප්පුවල වෙනසක් වෙන්නේ නැද්ද..?
ස්වර්ණ භූමි, ජය භූමි වැනි ඉඩම්වල ඔප්පුව වෙනසක් සිදුවිය යුතු නේද..? දිර්ඝ කාලයක් අවුරුදු 50 සිට මේ අය ගැන සළකා බැලීමක් අවශ්‍යම නැද්ද? ස්තූතියී..