(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (26) සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (25) නිවේදනය කළේය.
දූත පිරිසට ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය ඇතුළත් වන බව පැවැසෙයි.
දූත පිරිස සංචාරය අතරතුර පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
එම සාකච්ඡාවලදී අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට සහ අනාගතය සඳහා තිරසර ආර්ථිකයක් ගොඩනැගීමට උත්සහ දරණ ශ්‍රී ලාංකිකයන්ට සහාය වීමට වඩාත් ඵලදායී ක්‍රම සොයා බලනු ඇතැයි පැවසෙයි.
දූත පිරිසේ සංචාරය ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා අපගේ අඛණ්ඩ කැපවීම අවධාරනය කරනු ඇතැයි ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ විමල් සහෝදරයා...? එන්නකෝ..! ඇවිත් අධිරාජ්‍යවාදී විරෝධයක් පෙන්නන්නකෝ...
ඇමෙරිකාව මේ පොහොට්ටුවන්ට උදව් කරන්නේ නැහැ. ඇමෙරිකන් නියෝජිතයෝ දන්නවා ඔය මොනවා කෙරුවත්, හොරුන්, බොරුකාරයින්ගෙන් පිරුණු මේ ආන්ඩුවට සුගතියක් නැහැ කියලා...!
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසු ඔවුන්ගේ අදහස වනුයේ ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් දැනට පවතින දේශපාලනයේ පූර්ණ වෙනසක් සදහා ව්‍යවස්ථාමය, ප්‍රතිපත්තිමය ගැටළු විසඳා ගන්නා තෙක් keep a close eye on Sri Lanka සහ ලෝකයේ දියුණු රටවල දේශපාලන ආර්ථික වෙනස්කම් අධ්‍යයනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන නව දේශපාලන සංස්කෘතියක් සඳහා උද්ඝෝෂණ පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ප්රජාතන්ත්රවාදී වෙනසක් අවශ්‍ය නම් සක්‍රීය දායකත්වයක් ලබාදෙන මෙන් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට හැකියාව පවතී...!