(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික, මූල්‍ය සහ සමාජීය අර්බුදකාරී පිළිබඳව සොයා බැලීම සදහා සිව් දෙනෙක්ගෙන් යුතු ඇමෙරිකානු රාජ්‍ය දූත පිරිසක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණහ.
මෙම දූත පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කළාපය භාර නියෝජ්‍ය ලේකම් රොබට් කැප්‍රෝත් (Robert Kaprot) සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් කෙලී කේඩරින් ( Kelly Kedering ) යන මහත්වරු ද ඇතුළත් වී සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීහු සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ගේ නාමෙට විනිමය ආදේශනයක් යෝජනා කරන්න. අපිට තවත් නම් ණය දෙන්න එපා. ඒ වෙනුවට අපිට අවස්ථාව දෙන්න නිෂ්පාදන කරලා එළියට යවන්න. කර්මාන්ත ශාලා සහ දැනුම. අමුද්‍රව්‍ය... අපේ භාණ්ඩවලට පිටරටවල මාකට් එකක් හදලා දෙන්න. ණය නම් දෙන්න එපා...
මෙව්වා හරියට හොයලා බැලුවොත්, මුළු රාජපක්ෂ පවුලම ජීවිතාන්තයටම හිරේ...