(ඉන්දිකා රාමනායක)
බලපත්‍ර නොමැතිව ඉන්ධන ලීටර් 630 ක ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටී සැකකරුවෙකු යාපනය මනිපායි ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට මගින් අත්අඩංගුවට ගෙන ඇත .
මෙම සැකකරුගේ නිවසේ නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ඇති බවට විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරට ලද තොරතුරකට අනුව ඊයේ (24) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු (27) හැවිරිදි තරුණයෙකු වන අතර වැඩිදුරට පරීක්ෂණ සඳහා ඔහු මනිපායි පොලීසියට බාර දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි උතුරේ විතරක් බලන්නේ...? දවසක් ගීතා ආච්චි කිව්වා උන්දැලා අවුරුදු ගණනක් සඳහා ඉන්ධන එකතුකර තියෙනවා කියලා. දකුණේ අයගේත් ගෙවල් බලන්න විශේෂයෙන් ත්‍රීවීලර් කාරයින්ගේ ගෙවල් බලන්න ඊයේ මන්ත්‍රී කෙනෙක් කලුකඩෙන් ඉන්ධන ගත්තා කිව්වා. ඉතින් ඒ මන්ත්‍රී වරයාට දඬුවමක් නොදෙන්නේ ඇයි...? මොකද රට අරාජික කරන එකාලාට සහාය දුන්නු නිසා ඒ මන්ත්‍රී දැන දැනත් වංචාවලට ඉඩ දෙනවා.. වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියන්න තමයි වෙන්නේ...!
රටපුරාම සෝදිසි මෙහෙයුම් පිළිවෙල තොරතුරු ඇතිව කරන්න ඕනෑ. ඉන්ධන පෝලිම් කියන්නේම හොර ව්‍යාපාරයක කොටසක්. අහිංසක ජනතාව නිහඬව සියල්ල විඳ දරා ගන්නවා..
මේ වගේ අයට නිසි දඬුවම් දිය යුතුයි...
අනේ අපේ ගමේත් ඉන්නවා.. පුළුවන් නම් ඉල්ලන්නකෝ... ලීටර 500, 1000, විකුණන්නේ..!