(ඉන්දිකා රාමනායක)

ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනයකර , ත්‍රිරෝද රථයේ සවිකර තිබූ කැසට් රෙකෝඩරය සහ, බෆල් දෙක සොරාගත් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් තෙලවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මෙම කොල්ලකෑම සිදුකිරීම සඳහා ඉකුත් (16) දින මෙම තීරෝද රථ රියදුරු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ බවද පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු තෙලවල ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු යතුරු පැදි සොරාගැනීම, දිවා කාලයේ නිවෙස් බිඳ දේපළ සොරා ගැනීම , රන් භාණ්ඩ කොල්ලකෑම , ආදී අපරාධ සම්බන්ධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවද පොලිසිය කියයි.