ඇතුන් මරා දළ යුගලයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන 42 හැවිරිදි පුද්ගලයකු මඩකළපුව කල්අඩි, වේලූර්, ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බළකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත දෙවන කදවුරු අණදෙණ නිලධාරී පොලිස් පරික්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මඩකළපුව බ්‍රවුන්රි පාර, ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී ඇත් දළ අත්අඩංගුවට ගෙන ඇත.
ලෝක උරුම රක්ෂිතයන් තුළ සහ රජයේ රක්ෂිතයන් ආශ්‍රිතව ඳළ ඇතුන් මරා ඇත්ඳළ සහ ගජමුතු ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු නිරන්තරයෙන් සිදු කරති.
සැකකරු වැඩිදුර පරීක්ෂණය සඳහා මඩකළපුව රෝහලට බාරදී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇත්දළ සමග අයෙක් සැකපිට