
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පත් කර සිටින නියෝජිත පිරිස අද (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ.
සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස පසුගිය දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග පැවැත්වූ සාකච්ඡා සහ වත්මන් තත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළහ.
පවතින දුෂ්කර අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහායවීමට අපේක්ෂා කරන බව එම නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමුවේ කියා සිටියහ.
පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළේය.
එම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝ අධ්‍යයනයට ලක් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර්, මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි, නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන්, ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා IMF එකට එහෙම උපදෙස් දීලා නැද්ද?
ඔය මුදල් ලැබුණත් ඉතින් "අබ සරණම" තමයි. වඳවීමට නියමිත මේ හොර තක්කඩි ජාතිය, අයි.එම්.එෆ්. එකට නෙමේ, සක්කරයාටවත් ගොඩගන්න බැහැ. හොරු රජකරන, ශාප ලත් දේශයක් මේක...!
2020 වසරේදී IMF වෙතින් රජය සහයෝගය ලබාගත්තේ නම් පෝලිම් යුගයක් නිර්මාණය වන්නේ නැත...!
IMF සමග සාකච්ඡා කරන දේවල් ජනාධිපතිට තේරුම් ගන්න පුළුවන්ද කියලා සැකයි.