අල්ලස්ගත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට
අධිකරණ නියෝග මත දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගෙන් ඉල්ලා ලබාගත් බව කියන තෙල්දෙණීය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය අද (17) තෙල්දෙණීයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.