ආන්දෝලනාත්මක අධිභාර පනත මැතිසබයට ආන්දෝලනයට තුඩුදී ඇති අධිභාර බද්ද පිළිබඳ පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කරනු ලැබීය. 22 February 2022
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි පාර්ලිමේන්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88 කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තුවේදී අද (22) පෙරවරුවේ භාර දුන්නේය. 22 February 2022
යුක්රේන-රුසියා අර්බුදයෙන් බොරතෙල් මිල ඉහළට රුසියාව සහ යුක්රේනය අතර උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල අද (22) පෙරවරුවේ ඇමෙරිකානු ඩොලර් දෙකක අගයකින් ඉහළ ගියේ ය. 22 February 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට සූදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා ඇත. 22 February 2022
10 වැනි මහලින් වැටී පුද්ගලයෙක් මරුට මරදාන පොලිස් පරිශ්‍රයේ ඉදිකර ඇති පොලිස් නිලධාරීගේ තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලේ (දසවන මහලින් ) අද (22) පුද්ගලයකු වැටී මියගොස් ඇති බව පොලිසිය කියයි. 22 February 2022
මාධ්‍යවේදී චමුදිතගේ නිවසට පොලිස් ආරක්ෂාව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස පිහිටා තිබෙන නිවාස සංකීර්ණයේ ප්‍රධාන දොරටුවට ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාව සඳහා යෙදවූ බව ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 22 February 2022
සමාජ - දේශපාලන ක්‍රියාකාරි කුමාර් රූපසිංහ අභාවප්‍රාප්ත වෙයි ප්‍රකට සමාජ සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ ආචාර්ය කුමාර් රූපසිංහ මහතා අභාවප්‍රාප්ත විය. 22 February 2022
දෙමටගොඩ රුවන් යළි රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (22) නියෝග කළේය. 22 February 2022
‘පැරණි මිලට ඇනවුම් කළ ඉන්ධන නැව් 3ට මුදල් ගෙවන්න‘ රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය ඩොලර් 115 ක් දක්වා ඉහළ යාමට හැකි හෙයින් පැරණි මිලට ඇනවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 February 2022
‘විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි‘ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය . 22 February 2022
නැප්තා ලීටර ලක්ෂ 12 ක් ලැබෙයි විදුලි බලාගාර සඳහා අවශ්‍ය නැප්තා ලීටර ලක්ෂ 12 ක් ලැබුණු බවත් එම ඉන්ධන ප්‍රමාණයෙන් බලාගාර අඛණ්ඩව පැය 35 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් විදුලිබල මණ්ඩලය පවසයි. 22 February 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව පෙත්සම් හයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් හයක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය. 22 February 2022
ජනපති සන්නද්ධ හමුදා නැවතත් කැඳවයි මහජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නැවතත් නිකුත් කරනු ලැබ ඇත. 22 February 2022
යුක්රේනයේ දිසා දෙකකට රුසියන් සාමසාධක හමුදාව යවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාම සාධක භටයන් ලෙස රුසියානු හමුදාව ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුව වෙත යැවීමට නියෝග කර ඇත. 22 February 2022
හොරට වී අස්වනු නෙලු අඹු-සැමි යුවළ මාට්ටු අක්මිමන පින්නදුව වැවේ යායේ කඹුරකින් හොරට වි අස්වනු නෙලමින් සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත්බැව් අක්මිමන පොලිසිය පවසයි. 22 February 2022
විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේදී රට තුළ මතුව ඇති ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පස්වරු 5.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ . 22 February 2022
හොරට පී.සී.ආර් වාර්තා හැදු තිදෙනකු අත්අඩංගුවට විදේශ ගතවීමේදී ගුවන්තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා මෙරට ප්‍රධාන පෙළේ රෝහලක වාර්තා වලට සමාන ලෙස ව්‍යාජව සකස් කරන ලදැයි කියන සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2022
වැස්ස ගැන අනාවැකිය ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 February 2022
යුක්රේන සංචාරකයන්ට උපදෙසක් අත්‍යාවශ්‍යය නොවන කාරණයකට හැර යුක්රේනයේ සිදු කෙරෙන සංචාරවලින් වලකින්නැයි ලෙස විදේශ අමාත්‍යංශය මෙරට වැසියනට දැනුම්දිමක් කර ඇත. 22 February 2022
දකුණේ මත් ජාවාරම්කරුවන්ගේ වත්කම් ගැන විමර්ශන ඩුබායි රාජ්‍යයේ සැගව සිටින බව කියන දකුණු පළාතේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා”නැමැත්තා සහ දකුණේ තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 20 දෙනකුගේ දේපළ හා වත්කම් පිළිබදව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කර ඇත. 21 February 2022
තලංගම තෙත් බිම් හරහා ඉදිවන අධිවේගී මඟ උසාවියෙන් අත්හිටුවයි තලංගම තෙත් බිම හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. 21 February 2022
සිසුවියන්ගේ වැසිකිළියෙන් මතු වූ කැමරාව ගැන වාර්තාවක් ඉල්ලයි ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබියදී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය උපයෝගී කරගනිමින් ඡායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් කළ හැකි නම් එහි පටිගත වන දර්ශන බාහිර උපකරණයක් මගින් හැසිරවිය හැකි ද යන්නත් එසේත් නොමැති නම් ගබඩා කළ හැකි ද යන්නත් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළේය. 21 February 2022
පැය තුනක් විදුලිය කපන්න යයි බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙගාවොට් 541ක් ජාතික විදුලි පද්ධතියට අහිමිවීම නිසා හෙට (22) දිනයේ කලාප අටකට පැය 3 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 21 February 2022
තෙල් සංස්ථාව අලි අමාරුවක ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී. 21 February 2022
කැපූ අත්තට යටවී ගුරුවරයා මරුට තලවාකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය පසෙක තිබූ විශාල නුග ගසක කපමින් තිබූ අත්තක් මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මතට කඩා වැටීමෙන් පාසල් ගුරුවරයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. 21 February 2022
කොරෝනා මරණ 16,000 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 February 2022
දේශීය ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනාවක් දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයන්ට ඇරයුම් කළේය. 21 February 2022
ඇමැරිකාවෙන් ගුවන් හමුදාවට බීච්ක්‍රාෆ්ට් යානා දෙකක් සමුද්‍රය ආරක්ෂාව තහවුරු කිරීම සදහා සහ ශ්‍රි ලංකා සුවිශේෂි ආර්ථික කලාප නිරීක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම සදහා ඇමැරිකා එක්සත් ජනපද ආරකෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව වෙත නොමිලේ සමුද්‍රීය ගුවන් ආවේක්ෂණ යානා දෙකක් ලබා දෙන බව ගුවන් හමුදාව පවසයි. 21 February 2022
රටේ තත්වය ගැන මැතිසබයේ විශේෂ විවාදයක් හෙට රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (23) පැවැත්වීමට නියමිතය. 21 February 2022
තෙල් නැව් දෙකක් ඩොලර් නැතිව දවස් 3 ක් තිස්සේ කොළඹ වරායේ කොළඹ වරායට පැමිණි ඉන්ධන නැව් දෙකක් ඩොලර් නොමැති වීමෙන් ගොඩ බෑමට නොහැකිව දින තුනක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම් ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 21 February 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026