(අංජුල මහික වීරරත්න)
වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ" PMB RICE" වෙළෙඳ පොළට නිකුත් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් හෙට (27) සිදු කෙරේ.
එමෙන්ම" PMB RICE" නමින් කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු අලෙවි කිරීමට ද සකස් කර ඇති අතර ඒවා අලෙවිය සඳහා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ අලෙවි සැලක් විවෘත කිරීම හා NLDB ආයතනයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන හා ඊට අයත් පොල් ඉඩම් වලින් ලබා ගත් පොල් හා බිත්තර ද අලෙවි කිරීමේ වෙළෙඳ සැලක් ද හෙට දින ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මෙම සහල් පැකට් අලෙවිය ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැල් තුනක් මගින් ද සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.
වී අලෙවි මණ්ඩලය සතු සියලු වී තොග යොදා ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවි සැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතය.
රජයේ පාලන මිලට වඩා යම් තරමක් හෝ අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd