(ඩයනා උදයංගනී)

රජයේ කාර්යාල වෙත සේවකයන් කැඳවීම සීමා කිරීමේ තවත් චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.

ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ඇතිවී ඇති දුෂ්කර තත්වය සළකා අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන අයට වැඩි ඉඩක් ලබාදීම වෙනුවෙන් ඉකුත් 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය පරිදි නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත්, ‍ආයතනයේ රාජකාරි කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙනයාමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පමණක් කැඳවන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ එම චක්‍රලේඛ‍යේ දැක්වේ.

එමෙන්ම ඉන්ධන පිරිමසා ගැනෙන අයුරින් නිලධරයන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සියලු රැස්වීම් හා සාකච්ඡා මාර්ගගත ක්‍රමයට පවත්වන ලෙසත් එහි සඳහන් කර ඇත.